උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා 23 වැනිදා යාපනයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය භාරතීය ජනතා පක්ෂය ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වීමෙන් හින්දු ජනයාට කිසිදු ප‍්‍රතිලාභයක් නොලැබෙන බවත් එය එසේ වුවහොත් අවසාන ප‍්‍රතිඵලය වන්නේ මේ රටේ දෙමළ භාෂාව කතා කරන දෙමළ ක‍්‍රිස්තියානි හා මුස්ලිම් කොටස්වල සහයත් තමිල්නාඩුවේ සහයත් මෙරටට අහිමි යෑම බවත්ය .
එහිදී ඔහු අවධාරණය කර සිටියේ භාරතීය ජනතා පක්ෂය තුළ ඇති මූලික කාරණා හතර මේ රටේ හින්දූන්ට පවා අනුගමනය කිරීමට නොහැකි බවයි.
මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විග්නේෂ්වරන් මහතා පවසා සිටියේ ගවයින්ගේ මූත‍්‍රා පානය කිරීමට අවශ්‍ය නම්, ගවයා දේවත්වයෙන් සැලකීමට හැකි නම්, ගව මස් අනුභව කළහොත් පහර කෑමට සූදානම් නම් සහ මුස්ලිම් වෙළෙඳ සල් වර්ජනය කිරීමට හැකිනම් පමණක් භාරතීය ජනතා පක්ෂය වැළඳ ගත යුතු බවයි.
වී. විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටියේ එවැනි පක්ෂයක් ලංකාවේ දෙමළ වැසියන් පිළිගැනීමට සූදානම් වීම දෙමළ ජනයාට දැනට පවතින ප‍්‍රශ්න හා ගැටලූවලට වඩා ඉතා බැරෑරුම් ගැටලූවලට හා ප‍්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන පරිසරයක් නිර්මාණය වීමක් බවත් මේ නිසා තමන් මේ තත්ත්වය දකින්නේ භාරතීය ජනතා පක්ෂය ශ‍්‍රී ලංකාවේ දෙමළ වැසියන් විසින් ළං කර ගැනීම මහා විනාශයක ආරම්භයක් ලෙසින් බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...