දේශීය පුවත්

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කර අවශ්‍ය නිර්දේශ සිදුකිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සභාගත කළ බව වාර්තාවේ.

වාර්තාව සභාගත කරමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ, 2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කර අවශ්‍ය නිර්දේශ සිදුකිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගුණවර්ධන මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවත් රටත්  බලාපොරොත්තුවෙන් සිටි මේ වාර්තාව, අපේ රට පාස්කු ඉරිදා දින තැති ගන්වමින් විනාශකාරී ලෙස සිදු වූ මහ විපත පිළිබඳ පරීක්ෂා කරන ලද කොමිෂන් සභා වාර්තාව මෙලෙස සභාවේත් කථානායකතුමා මගින් රටෙත් දැනගැනීම සඳහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවයි යනුවෙනි.

එහිදී සභාව ඇමතූ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා “අපිට මේ වාර්තාව ගැන දින 3ක විවාදයක් ඕනේ කථානායකතුමනි,” යනුවෙන් පැවසුවේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාට පිළිතුරු දෙමින් කථානායකවරයා පවසා සිටියේ පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකි බවයි.

ඒ අවස්ථාවේදි නැගී සිටි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ මේ පිළිබඳ අලුතින් විවාදයක් ඉල්ලීම අවශ්‍ය නොවන බවත් ඒ සඳහා කලින්ම එකඟතාවය පළකර ඇති බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More