කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීම වලක්වාලමින් ඊට අදාල තාක්ෂණික කමිටුව විසින් ගනු ලබන තීන්දුව වෙනස් කරන ලෙසට එම කමිටුවට දැඩි බලපෑම් එල්ල වන බව නම සඳහන් කිරීමට අකමැති වූ කමිටු සාමාජිකයෙකු ලංකා ලීඩ් වෙත පැවසුවේය. මීට පෙරද අධිකරණ අමාත්‍යයවරයා විසින් එවැනි බලපෑම් එල්ල කළද තාක්ෂණික කමිටුව තම තීන්දුව වෙනස් නොකළ නමුත් මෙවර සෞඛ්‍යය ඇමති,සෞඛ්‍යය ලේකම්,සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජෙනරාල් ආදී සෑම මට්ටමකින්ම තමන් වෙත බලපෑම් එල්ල කරන බව සඳහන් කළ එම කමිටු සාමාජිකයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම තත්වය තුළ ඡන්ද විමසීමකින් තීන්දුව ගැනීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමට එරෙහිව අධිකරණය විසින් ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක වේ. මෙම තත්වයට හේතුවී ඇත්තේ අනාගතයේදී මුස්ලිම් අන්තවාදීන්ගේ පිහිටෙන් බලයට පත්වන පිහිටෙන් බලයට පත්වීමට පිඹුරුපත් සකස්කරන දේශපාලන නායකයන්ගේ බලපෑම් මත බවටද චෝදනා එල්ල වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...