දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිලයේදී මහ කොමසාරි මිචෙල් බැචලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාව ඊයේ (24) රාත්‍රියේදී සාකච්ඡාවට ගැණුනු අතර මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ කොමිෂන් සම්බන්ධයෙන් යළි විමසා බැලීමට පත්කළ කොමිෂන් සභා ගැන සිය ස්ථාවරය පැහැදිලි කළා ය.

එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය මෙසේ සඳහන් කර සිටියේය:

“2015 ලබා දුන් කැපවීම් පසෙකලා වර්තමාන රජය කළින් සිටි රජය මෙන්ම සත්‍යයේ සෙවීම සහ වගවීමේ ක්‍රියාවලිය අව්‍යාජව සිදු කළේ නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ ක්‍රියාවලීන් ප්‍රතිපත්ති සහ නිලධාරීන් තවමත් සිටිනවා. ඒවා නැවත බලගැන් වී තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ජාතික පොලිස් කොමිසම සහ අනෙකුත් ප්‍රධාන ආයතන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය අඩුවෙලා තියෙනවා. කොවිඩ් 19 ආසාදනය වී මිය යන පුද්ගලයින් අනිවාර්යෙන් ආදාහනය කිරීමේ රජය ප්‍රතිපත්තිය හරහා සුළු ජාතීන් වන මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවන්ට එය වේදනාවක් හා පීඩනයක් ඇති කර තිබෙනවා. රජයන් විසින් පත් කළ කොමිසම් හරහා වගවීම සහතික කිරීමට අපොහසත් වී තිබෙනවා. 2021 ජනවාරි මාසයේ ස්ථාපිත කරන ලද කොමිසම හරහා පැවති කොමිසම්වල නිර්දේශයන් යළි සලකා බලන්න ගත් තීරණයෙන් කිසිදු ප්‍රයෝජනවත් ප්‍රතිඵලයක් නැහැ . මගේ කාර්යාලය වගවීම හා සංහිඳියාව පිළිබඳව ප්‍රගතිය අධීක්ෂණය කිරීමට සූදානම්ව සිටිනවා”

එයට පිළිතු ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය;

“මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ හරහා මෙම වපසරිය අසාධාරණය පුළුල් වී තිබෙනවා. ගරුත්වයක් ඇති ස්වෛරී රටක අභ්‍යන්තර පාලනයට අදාළ කරුණු මෙහි ඇතුළත්. කණගාටුවට කරුණක් වන්නේ. මහකොමසාරිස්වරියගේ කාර්යාලය මෙම වාර්තාව ඉදිරිපත් කිරීමත් සමග ඊට විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. මේ වාර්තාවට ශ්‍රී ලංකාවේ පිළිතුරු ලබා දීමට ඇමුණුමක් ලෙස ලබා දීමටවත් පියවර දුන්නේ නැහැ. සාමාජික රටවල්වලින් ශ්‍රී ලංකාව ඉල්ලා සිටිනේ මේ වාර්තාව හරහා ඉදිරිපත් වන කිසිදු යෝජනාවලියකට සහාය නොදක්වන ලෙසයි. මෙය නිමා කරන්න”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More