දේශීය පුවත්

ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව බරපතළ දේශපාළන තීන්දු රැසක් ගෙන ඇති බව වාර්තාවේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපරාධ චෝදනා ගොනු කිරීම කිසියම් දේශපාලන හස්තයක මැදිහත්වීම මත සිදුවූවක් බවට මෙහිදී සාකච්ජාවට ලක්ව තිබේ.

එම තත්වය තුල පහත සඳහන් යෝජනා ඊයේ පැවති මධ්‍යම කාරක සභාවේදී සම්මත වී ඇත.

1) අනාගත මැතිවරණ සඳහා සන්ධාන ලෙස තරඟ වැදීමේ තත්ත්වයක් උදාවන්නේ නම්, එම අවස්ථාවේදී වෙනත් පක්ෂයක මූලිකත්වය යටතේ තම පක්ෂය සන්ධානගත වීම වෙනුවට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය ගන්නා ඒ වටා නිර්මාණය වන සන්ධානයක් බිහි කිරීමට පක්ෂය පෙරමුණ ගත යුතුය.

2) ජනතාවගේ ඉල්ලීම් ගැටලු ප්‍රශ්න හමුවේ ඒවාට පිළිතුරු ලබා දීම වෙනුවෙන් පක්ෂය හා එහි ක්‍රියාධරයන් නායකත්වය ලබා දිය යුතුය.

3) නැවත කිසිදු අවස්ථාවක පොදුජන පෙරමුණ සමග සන්ධානයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකළ යුතුය.

4) කවර නීති කෘත්‍ය, අධිකරණ ක්‍රියාමාර්ග පක්ෂයට, එහි නායකත්වයට හෝ තනතුරු දරන්නන්ට පැමිණිය ද ඒවාට මුහුණ දීම හැර කේවල් කිරීමට හෝ අතරමැද එකඟතාවට නොපැමිණිය යුතුය.

කෙසේවුවද තම පක්ෂයේ මැදිහත්වීමෙන් පිහිටවූ වත්මන් ආණ්ඩුවේ කොටස් කරුවන් ලෙස තවදුරටත් කටයුතු කිරීමට ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී.ල.නි.ප. මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපරාධ චෝදනා ගොනුකරන ලෙස නිර්දේශ කිරීම ගැන හෙට (25) පැවැත්වෙන පක්ෂ විධායක සභාවේදී සාකච්ඡාවට ගන්නා බවයි.

මාධ්‍යවේදීන් එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රශ්න කළද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, “ලේකම්තුමා… ලේකම්තුමා උත්තරදෙනවා.. ලේකම්තුමා.,” යනුවෙනි.

පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ “විධායක සභාවේදී යෝජනාවලියක් ඉදිරිපත් වෙයි. අපි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ අනුව මේ පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳව පක්ෂයක් ලෙස අපේ අවසන් තීරණය හෙට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි,” යනුවෙනි.

ඊයේ දින ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සම්මතවූ යෝජනා හා මධ්‍යම කාරක සභාවේ දේශපාලන විග්‍රහය:






Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More