දේශීය පුවත්

බණ්ඩාරනායකට බොහෝ කාළයකට පෙර චෙල්වනායගම් විසින් පටන්ගත් දෙමළ සුලු ජාතික ජාතිවාදයේ පිහිටෙන් පැය 24න් සිංහළ රාජ්‍ය භාෂාව කරනවා යයි කියමින් උතුරේ සහ දකුණේ අහිංසක පීඩිත ජනතාවගේ සැබෑ ජීවන ගැටළු යට කරමින් “භාෂා ප්‍රශ්ණයේ ගිනිසිළුව” බණ්ඩාරනායක විසින් දකුණේත් චෙල්වනායගම් විසින් උතුරේත් අවුළුවන ලදී.

කණගාටුවට කරුණ වන්නේ එදා මෙදාතුර මෙම “භාෂා ප්‍රශ්ණයේ ගිනිසිළුව” නිසා අසීමිත ජීවිත සහ දේපළ විනාශයක් සිදුව තිබියදීත් ඉතා පහසුවෙන් විසඳිය හැකි මෙම සරළ භාෂා ගැටළුවට හෝ විසඳුමක් සෙවීම සඳහා වන අවංක බළධාරී දේශපාළන උවමනාවක් හෝ අවංක නිළධාරී රාජ්‍ය පරිපාළන උවමනාවක් උතුරෙන් සහ දකුණෙන් යන දෙකෙන්ම ඉස්මතු නොවී කපටි දේශපාලුවන්ගේ දේශපාළන උවමනාවන්ම පමණක් ඉතිහාසය පුරාම ඉස්මතු විමයි.

අරූන් විසින් පෙන්වා දෙන්නේ ඉතිහාසය පුරා සිදුවූ එම ජාතික අපරාධයෙන් පොළවේ ජීවත්වන අහිංසක ජනතාව අදටත් ගෙවන දුක්ඛිත ජීවිත වල ස්වභාවය සහ මෙම ජනතාව දෙස මදකුඳු නොබලා මොවුන් රවටමින් මොවුන්ගේම ඡන්දයෙන් දේශපාළන බළ අධිකාරී තනතුරුවලට පත්වන ජාතිවාදී සුලුජාතික දේශපාළුවන් ලොවම රවටමින් සිදුකරණ ප්‍රෝඩාවයි.

දැන් දකුණේ ප්‍රධාන පක්ෂ දෙක පමණක් නොව තෙවන බළවේගය ලෙස රඟපාමින් බඩගෝස්තරවාදී දේශපාළන ජාවාරමක යෙදන අනුර කුමාර නඩය ද මෙම සුලුජාතික දේශපාළන තක්කඩියන් සමඟ හවුලේ ජාත්‍යන්තර මුදළ් මලු ගිලීමට පටන්ගෙන තිබීම රටේ අවාසනාවකි.

තවම වැසිකිළියක් වත් නොමැතිව ජීවිතේ ගෙවන අහිංසක දුප්පත් දෙමළ මිනිස්සු විකුණලා ජිනීවා යන දේශපාලුවෝ ගැන උතුරේ දෙමළ ජනතාව පවසන කතාවෙන් පළමුව සිතාබැලිය යුතු වන්නේ ඉහතින් සැකෙවින් දැක්වූ ආකාරයට මෙම ගැටළුව ඉතිහාසය පුරා විකාශය වූ ආකාරයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More