දේශීය පුවත්

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය චමල් රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට ද ආරාධනය කර තිබූ අතර එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් සාකච්ජාවක් සිදුව ඇති බව වාර්තාවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් අද (24) නිවේදනය නිකුත්කරමින්, යහපාලන රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ ඒ රජයේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ට පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීමක් පැවරෙන බවක් අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව නැති බව පවසයි.

කෙසේ වුවද ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඔහුව මුණගැසී කොවිඩ් මෘත ශරීර ආදාහන ගැටළුව ඉදිරිපත් කිරීමට තමනට අවස්තාවක් නොදුන්නේයැයි පාරට බැස කෑගසන මුජිබර් රහමන්, හකීම්, බදුර්දීන්, ….. කණ්ඩායම නියෝජනය කරන සමගි ජන බළවේගයේ නායකයා වන සජිත් ප්‍රේමදාස හරහා තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට මෙය අවස්තාවක් කර නොගත්තේ මන්දැයි විචාරකයින් එම කණ්ඩායමෙන් ප්‍රශ්ණ කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More