දේශීය පුවත්

මහා වංශයේ සියලු‍ කොටස් කිසිදු අඩුවකින් තොරව අන්තර්ගතව තිබෙන පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට පැමිණි යුනෙස්කෝ සංවිධාන නියෝජිතයින් ඒ පිළිබඳ සෑහිමකට පත්ව එය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා පවසයි.

ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඇති මහා වංශය පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම්කර කිරීමට තීරණය කර ඇත.



2 thoughts on “පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඇති මහා වංශය පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම්කරයි”

  1. එහෙම කොහොමද? මේක හොර වැඩක්. මේකට සම්පූරණ විරෝධය පල කරනවා. යුනෙස්කෝව කොහොමද කියන්නේ පොතේ අඩුවක් නැතුව තියෙනවා කියල? අනිත් එක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබ්බ කියලා මේක කොහොමද නිවැරදි මහා වංශය කියලා කියන්නේ? කවුද ඒ ගැන පර්යේෂණ කලේ? කෝ ඒ පර්යේෂණ? මිනිස්සුන්ට බලන්න පුළුවන් විදිහට එහෙම කරපු පර්යේෂණ පොත පත කොහෙද තියෙන්නේ? පේරාදෙණිය විශ්ව විද්‍යාලයට මේ පුස්කොල පොත් මිටිය හම්බ වුනේ කොහෙන්ද? මහා වංශය කියල මේ පෙන්වන්න හදන්නේ තනිකරම වැරදි පොතක් කියලා මම බය නැතුව කියනව. ඉංග්‍රීසින් ලංකාවට එන්න ඉස්සෙල්ල මහා වංශය කියලා තනි පුස්කොල පොත් මිටියක් විදිහට ගන්න පොතක් තිබුනේ නැති බව ඉංග්‍රීසින්ම කියලා තියෙනව. මහා වංශයේ කොටස් තිබුනේ විවිධ පන්සල් වල. මේක තනිකරම සිංහල ජාතියේ ඉතිහාසය විකෘති කරන්න රාජපක්ෂලා ඉන්දියාව එක්ක එකතු වෙලා කරන කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය විවිධ වේශයෙන් දැනටම රට පුරා ක්‍රියාත්මක වෙනවා. අපේ ඉතා පැරණි ආකාරයේ අපට ආවේනික සිංහල බුද්ධ ප්‍රතිමා වෙනුවට පහු කාලෙක ඉන්දියාවේ සාරනාත් ක්‍රමයට මුද්‍රා හස්තය එක්ක හදපු බුද්ධ ප්‍රතිමා තැන තැන ඉඳි වෙනවා.

  2. මේ හදිසියේ මේ මහා වංශය කියලා කියන පුස්කොල පොත් ටික යුනෙස්කෝවට දීල බොරු මහා වංශයට ජාත්‍යන්තර පදනමක් දෙන්න හදන්නේ. ඇයි? සිංහලයා, විශේෂයෙන් තරුණ පරම්පරාව රටේ ඉතිහාසය, බුදුරජාණන්වහන්සේ සහ බුදු දහම ගැන පෙර නොවූ විරූ උනන්දුවක් දක්වන හින්ද ඉන්දියාව සහ රාජපක්ෂ ඉන්දියන් ගැත්තෝ සහ සමහර හාමුදුරුවරු බය වෙලා සිංහලයෝ ආවේ ඉන්දියාවෙන් කියන මිත්‍යාව නැතුව ගියොත් තමන් ඉගෙන ගත්ත බුද්ධ ඉතිහාසය වෙනස් වෙන හින්ද. ඒ හින්ද ඒ බොරුවම ගෙනියන්න ඕනේ වෙලා තියෙනව. මේ “හොර මහා වංශය” යුනෙස්කෝවට දෙන්න ගත්ත තනි තීරණයට සම්පූරණයෙන්ම විරුද්ධයි. ආචාර්ය මහාචාර්ය තනතුරු තිබ්බ කියලා රටේ ඉතිහාසය දන්නේ ඔවුන් විතරයි කියලා හිතනවා නම් ඒක මේ රටේ අනිත් ජනතාවට කරන නිර්දය අපහාසයක්. මේක මේ කලබලේ කරන්නේ අනිවාර්යයෙන්ම විජය හොරාගෙන් සිංහලයා පැවතෙනවා කියන එක ලංකාව පිළිගන්න බව ජාත්‍යන්තරයට කියන්න. එහෙම කොහොමද තනි තීරණ ගන්නේ? මහා වංශය පුස්කොල පොත් ටික (කොහෙන් ආවද මම නම් දන්නේ නැහැ. පුස්කොල පොත් වල සැබෑ පාට මේ පෙන්නලා තියෙන ඒවා නම්, මේවා පැරණි පුස්කොල පත් නෙමෙයි, අලුත් ඒවා) මහා වංශය පුස්කොල පොත් ටික පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබ්බ කියලා, ඒක ඔවුන්ට විතරක් අයිති දෙයක් නෙමෙයි. අනික කවුද මේවා සහතික කලේ මේ තියෙන්නේ නිවැරදි මහා වංශය කියලා? මේකට සම්පූරණ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මේක තනිකරම ජාතිද්‍රෝහී වැඩක්.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More