දේශීය පුවත්

අපනයනය සඳහා ටයර් නිෂ්පාදනය කරන සමාගමක නම ව්‍යාජ ලෙස භාවිත කරමින් ඉකුත් වසරේ (2020) මාර්තු – අප්‍රේල් සිට එම වසර අවසානය දක්වා රුපියල් කෝටි 56ක් වටිනා කසළ තේ කන්ටේනර් 160ක් ඩුබායි වෙත අපනයනය කර ඇතැයි රේගුව අනාවරණය කරයි.

ජාඇළ සහ ඒකල ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි මෙම ටයර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටයර් විදේශ රටවලට අපනයනය කෙරේ.

ප්‍රධාන පෙළේ සමාගමක් බැවින් එහි නිෂ්පාදන අපනයනය සඳහා වරායට යවන අවස්ථාවේදී දැඩි පරීක්ෂාවකට ලක් නොකෙරන බව රේගුව කියයි. එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන කොරෝනා සමයේදී වරින්වර මෙලෙස කසළ තේ ඩුබායි බලා අපනයනය කර ඇත.

එක් කන්ටේනරයක කසළ තේ මෙට්‍රික් ටොන් 18ක් ගබඩා කර ඇති අතර එක් කන්ටේනරයක අසුරන ලද කසළ තේ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 35කි.

අදාළ ටයර් සමාගමේ සහ භාණ්ඩ අපනයනය කරන බවට රේගුවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනකු හඳුනාගෙන ඇති අතර රේගුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රියගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ අදාළ කසළ තේ තොගය විදෙස්ගත කර ඇත්තේ ආයෝජන මණ්ඩලය හරහා බවයි. මේ පිළිබඳව රේගුවෙන් සහ ආයෝජන මණ්ඩලයෙන් වෙනවෙනම විමර්ශන සිදු කරන බවද ඔහු කීවේය.
(අරුණ පුවත්)



One thought on “ටයර් සමාගමක නමින් හොරට කසළ තේ පටවා අහුවෙයි”

  1. The officers in SL Custom had not done their duty in proper manner.As per the report if it is a big company they are taking that as a excuse.They must open the container & must inspect it thoroughly & after that only they can allow to seal.
    THEY HAVE FAILED IN THEIR DUTIES.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More