දේශීය පුවත්

මුලතිව් වන සංරක්ෂණ නිළධාරීන් සඳහන් කර සිටින්නේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහ කැළය විනාශ කරමින් විශාල මාර්ගයක් තනා පළාතේ ඉඩම් අත්පත් කරගනිමින් සිටින බවයි.

වන සංරක්ෂණ නිළධාරීන් ඔහුට මේ පිළිබඳව අවවාද කොට ඇතත් ඔහු එම ක‍්‍රියාව මෙතෙක් නතර කොට නොමැති අතර විවිධ හේතුන් නිසා නිළධාරීන්ට එම මන්ත‍්‍රීවරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වතාවරණයක් මතුව ඇතැයි එම නිළධාරීහු පෙන්වා දෙති.

ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා ඔඩ්ඩුසුඩාන් මනවලන් පට්ටමලිප්පු ප‍්‍රදේශයේ රක්ෂිතය එළි පෙහෙළි කිරීම සඳහා ඩෝසර් යන්ත‍්‍ර දෙකක් යොදවා ඇති අතර මෙහි සමස්ත ඉඩම් ප‍්‍රමාණය රජයේ රක්ෂිතයක් වන අතර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාට මේ ඉඩම් සම්බන්ධයෙන් කිසිඳු අයිතියක් නොමැති බව මේවන විට හෙළි වී තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ මහවැලිය විසින් සිංහල ජනාවාස ඇති කිරීම සඳහා මෙම ඉඩම් අනාගතයේදී ඔවුන්ට ලබා දෙන නිසා ඊට පෙර තමන් මෙම ඉඩම් පළාතේ ජනතාව අතර බෙදා දෙන බවයි.
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More