දේශීය පුවත්

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් පවසා සිටියේ මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පහළ යාමට හේතු වී ඇත්තේ සිදුකරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව පහළ දැමීම නිසා බව යි.

උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එන්නත්කරණ වැඩසටහනට සහභාගීවීම නිසා පීසීආර් පරීක්ෂණ සිදුකිරීම තාවකාලිකව නැවතී ඇති පසුබිමක් තුළ පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේ කටයුතු වලට සහභාගි නොවීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවයි.

එහිදී ඔහු පවසා සිටියේ,” පසුගිය සතියේ වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1000 ආසන්නයට පැමිණියා. ආසන්නතම දින කිහිපයේ 500ක පමණ ආසාදිතයින් වාර්තා වූවා. ප්‍රධාන කාරණා දෙකක් මත මේ ආසාදිතයින් සංඛ්‍යාව තීරණය වෙනවා. ඉන් ප්‍රධාන කාරණය පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව. පසුගිය ආසන්නම දින තුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් කරණ පීසීආර් පරීක්ෂණ තාවකාලිකව නැවතිලයි තිබුණේ. හේතුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එන්නත්කරණ වැඩසටහනට සහභාගි වීම.”යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More