දේශීය පුවත්

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

මේ දිනවල ආණ්ඩුවට තියෙන ලොකුම භය තමයි ගෝඨාභය. ගෝඨාභය මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් අනේ අපි සුනේ සුන් කියලා හිතලා එතුමව හිර කරන්න පසුගිය අවුරුදු තුන පුරාවටම විවිධ ආකාරයේ නඩු ගොඩ නැගුවා. හැබැයි මේ සුරංගනා කතා පමණක්මය කියන එක ඉහල උසාවියෙන් තීරණය කරලා ඒ සෑම අවස්ථාවකදීම එතුමන්ව අත්අඩංගුවට ගැනීම උසාවි නියෝග හරහා තහනම් කලා. දැන් මොකක්ද කරන්න යන්නේ.

අපට හමුදාවෙන් තොරතුරු ලැබුනා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා එක්නැලිගොඩ අතුරුදහන් කිරීම පිලිබඳ චෝදනා කරලා අත් අඩංගුවට ගත්ත හමුදා භටයන්ව ගෙන්වලා ඔවුන්ට බලපෑම් කරන්න සූදානමක් තිබෙනවා කියලා. ඒ සදහා අවශ්‍ය දේශපාලන උපදෙස් ඉහලින් ලැබී තිබෙනවා.

ඒ අනුව හමුදා බුද්ධි අංශ ප්‍රධානියා එක්නැලිගොඩ අතුරුදහන් කිරීම පිළිබඳ අත් අඩංගුවට ගත්ත හමුදා භටයන්ය තමන් ලගට ගෙන්වලා, තමන් මේ වරද කල බවත් ඒ කලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ බලපෑම් මත බවත් පොලීසියට ප්‍රකාශකරන්න යැයි ඔවුන්ට බලපෑම් කරන මෙන් ඉහලින් ඔහුට උපදෙස් ලැබී තිබෙන බවට හමුදාවේ ඉහලම නිළධාරීන් මාර්ගයෙන් අපට දැන ගන්න ලැබුනා.

මේ කතාව ඇත්තනම් අපි බුද්ධි අංශ ප්‍රධානියාට අනතුරු අගවනවා. සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සුරැකීමේ පනත යටතේ සාක්ෂියක් වෙනස් කරන මෙන් සාක්ෂියක් ප්‍රකාශ කරන මෙන් බලපෑම් කිරීම සිරදඩුවම් ලැබිය හැකි වරදක් කියන එක අපි හුමදා බුද්ධි අංශ ප්‍රධානීයා ඇතුලු දේශපාලනයට යට වෙන්න හදන හමුදාවේ ඉහල නිළධාරීන්ට සිහිපත් කරනවා. ඒ වගේම දේශපාලකයන්ට කඩේ ගිහින් හමුදාවේ ගෞරවය රණ විරුවාගේ අභිමාණයත් කෙලසන්න එපා කියලා අපි හමුදාවේ ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More