විජය කුමාරතුංග මහතාගේ සොහොයුරිය වන රූපා කුමාරතුංග මහත්මිය යූටියුබ් චැනලයක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ දෙවතාවක් රටේ ප්‍රධාන පුරවැසියා ලෙස පත් වෙලත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ඇගේ ස්වාමි පුරුෂයා වෙඩි තබා මරලා දැම්මේ කවුද කියලා හොයාගන්න බැරිනම් ඒක මිත්‍යාවක් බවයි.
එය සොයා ගත්තා නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට දේශපාළනය කළ නොහැකි තත්ත්වයක් උදා වීමට ඉඩ තිබූ බව ද කුමාරතුංග මහත්මිය පෙන්වා දෙයි.
එහෙත් සිය ස්වාමි පුරුෂයා මරා දැමූ අය පිළිබඳ සොයා නොබැලීම පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කෙරෙහි තමාගේ කිසිදු අමනාපයක් නොමැති බවද රූපා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...