දේශීය පුවත්

බොදු බල සේනා නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (23) පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ අනාගත දේශපාලන බල උවමනාව සඳහා කාගේ හෝ තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත්වීමක් මත පාස්කු කොමිෂන් සභා වාර්තාවට බොදු බල සේනා සංවිධානයට විරුද්ධව කරුණු ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බවට සැකයක් මතුවන බවයි.

උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ,තව අවුරුදු 5කින් ජනාධිපති හෝ අගමැති වීමට බලාගෙන සිටින කවුරුන් හෝ සෘජුවම මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් සමග එකතුව මහා ධනස්කන්දයකට විකෘතියක් කළා දැයි සැකයක් මත්වන බවත්ය.

අන්තවාදී ක්‍රියා හෙලිකිරීම වරදක් නම් ඕනෑම තත්වයකට මුහුණ දීමට තමන් වහන්සේ සූදානම් බව සඳහන් කර සිටි ඥානසාර හිමියෝ තමන් වහන්සේ බොහෝ අවස්ථාවල න්‍යායාත්මකව කරුණු ඉදිරිපත් කළ බවත් බොදු බල සේනා මැඩ පැවැත්වීමට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම උත්සාහ කරනු ලැබූ බවත් අවධාරණය කළෝය.

කොමිසමේ වාර්තාව විකෘති කර ඇති බවට තමන් වහන්සේය්ට හැඟී යන බැවින් කොමිසමේ සාමාජිකයෝ ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බව ඥානසාර හිමියෝ වැඩිදුරටත් අවධාරණය කරන ලද්දෝය.

පාස්කු කොමිසමේ දී තමන් වහන්සේ ලබා දුන් සාක්ෂියේදී විල්පත්තු වන සංහාරයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන ප්‍රභලයෙකුගේ නමක් තමන් වහන්සේ කොමිසමට ලියා දුන් බවත් ඔහුගේ මැදිහත් වීමෙන් කොමිෂන් සභා වාර්තාව විකෘති කළා දැයි සැකයක් තිබෙන බවත් ඥානසාර හිමියෝ පවසා සිටියහ.

තවද උන් වහන්සේ පවසා සිටියේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ගුරුවරයා ඔස්තාද් මන්සුර් බවත් ඔහු වහාබි දේශකයෙකු බවත් තමන් වහන්සේ කොමිසමට පැවසූ බවත් කොමිෂන් සභා වාර්තාවේ ඔහුගේ හොඳ තිබෙන බවට දැනගන්නට ලැබී තිබෙන හෙයින් කොමිෂන් සභා වාර්තාව විකෘතියක් බවට පත්කිරීමට ඔහුගේ මැදිහත්වීම ලබුනේදැයි සැක මතුවන බවත් අවධාරණය කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More