දේශීය පුවත්

පසුගිය දිනක ගරු අධිකරණ අමාත්‍ය මොහොම්ඩ් අලි සබ්‍රී මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කල බෞද්ධ විහාරගම් සහ දේවාල පනත පුද්ගලික නීතියක් බව ප්‍රකාශ කිරීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් අද දින ගරු කථානායකතුමාගෙන් ඉල්ල සිටියේය.
එතුමා විසින් ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින්…

ගරු කථානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.

2021 – 02 – 23,

ගරු අධිකරණ අමාත්‍ය මොහොම්ඩ් අලි සබ්‍රී  මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කල බෞද්ධ විහාරගම් සහ දේවාල පනත පුද්ගලික නීතියක් බව ප්‍රකාශ කිරීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කරනු ලබන ඉල්ලීමයි.

2021 පෙබරවාරි මස 12 වන දින අධිකරණ අමාත්‍ය මොහොම්ඩ් අලි සබ්‍රී මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ සිදු කරමින් සඳහන් කල බෞද්ධ විහාරගම් හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව සඳහන් කර ඇත.

පුද්ගල නීතියක් යනු යම් ජන කොට්ඨාසයකට අයත් ජනතාවට පමණක් පොදු වූ සාධක සලකා එම ජන කොට්ඨාසයට පමණක් අදාල වන සේ පනවන ලද නීතියකි. නීති විද්‍යාලයේ හා විශ්ව විද්‍යාලයේ නීති සිසුන් සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වන මහාචාර්ය එල්. ජේ. එම්. කුරේ මහතාගේ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයට හැදින්වීමක් (AN INTRODUCTION TO THE LEGAL SYSTEM OF SRI LANKA) යන ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට පුද්ගල නීතිය, යන්නට ඇතුලත් වන්නේ උඩරට නීතිය, තේසවලාමේ නීතිය හා මුස්ලිම් නීතිය පමණි. ඉන් උඩරට නීතිය හා තේසවලාමේ නීතිය ප්‍රාදේශීය නීතී වශයෙන්ද සැලකෙනු ලැබේ. එබැවින් වචනාර්ථයෙන්ම පුද්ගල නීතියක් ලෙස හදුන්වා දිය හැක්කේ මුස්ලිම් නීතිය පමණක් බව එම ග්‍රන්ථයේ පවා පැහැදිලිව දක්වා ඇත. එසේ වුවත් එක රටක් එක නීතියක් උදෙසා මෙම ප්‍රාදේශීය නීතී සහ පුද්ගල නීතී තුනම එක් නීතී පද්ධතියක් ‍යටතට ගෙන ආ යුතුය.

ගරු අධිකරණ අමාත්‍ය මොහොම්ඩ් අලි සබ්‍රී  මහතා විසින් පුද්ගලික නීති ලෙස ප්‍රකාශ කල බෞද්ධ විහාරගම් සහ දේවාල පනත, වකූෆ් පනත (නිවැරදි ලෙස මුස්ලිම් පල්ලි සහ පුන්‍යාධාර හෝ වකූෆ් පනත), චර්ච් ඔෆ් සිලෝන් (ශ්‍රි ලංකා කතෝලික දේවස්ථාන පිළිබඳ පනත) හා හින්දු සංස්කෘතික අරමුදල් පනත මූලිකවම ආගමික සිද්ධස්ථාන සහ ඒවායේ මූල්‍ය පරිපාලනය පිළිබඳව පනවන ලද නීතී වේ. එබැවින් එම නීතී පනත් පුද්ගලික නීතී යන අර්ථයට නොවැටෙන බව නීතිය සම්බන්ධව අවම දැණුමක් ඇති අයෙකුට පවා අවබෝධ කර ගත හැකි වේ.
එම නීතී පනවා ඇත්තේ එම ආගමික ස්ථාන සම්බන්ධව යම් යම් නියාමනයන් සහ පාලනයන් පවත්වා ගැනීමට බව අප විසින් පැහැදිලිවම අවබෝධ කර ගත යුතුය.

එසේ හෙයින් අප ආණ්ඩුව වෙත ජනතාව වීසින් පසුගිය මහා මැතිවරණයේ දී තුනෙන් දෙකක ජනවරමක් අප වෙත ලබා දුන්නේ එක රටක් එක නීතියක් යන සංකල්පය රට තුල නිර්මාණය කිරීම උදෙසා වන අතර එලෙස එම සංකල්පය රට තුල ඇති කිරීමට යෑමේදී ඇතැම් අන්තවාදීන් උපායමාර්ගිකව එම වැඩපිළිවෙලට විරුද්ධව බලපෑම් කරන බව පෙනී ගොස් ඇත. ඒ කුමන බලපෑම් අප වෙත එල්ල වූ වත් ජනතාව අප වෙත ලබා දුන් ජනවරමට ගරු කරමින්, ජනතාවගේ එම අභිලාෂය ඉටු කිරීම සඳහා අප විසින් එක රට තුල එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කල යුතුය.

එසේ හෙයින් ගරු අධිකරණ අමාත්‍ය මොහොම්ඩ් අලි සබ්‍රී  මහතා විසින් 2021 පෙබරවාරි මස 12 වන දින ගරු පාර්ලිමේන්තුව තුල මේ සම්බන්ධව සිදු කල ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

අද දින මෙම ලිපිය මා විසින් සභාගත කිරීමට අමතරව මෙම ලිපිය සමඟ පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම ස්ථවිර, පූජ්‍ය ඕමාරේ කස්සප ස්ථවිර. පූජ්‍ය බෙංගමුවේ නාලක ස්ථවිර, පූජ්‍ය බලංගොඩ සෝභිත ස්ථවිර, පූජ්‍ය ඉත්තෑදෙමලියේ ඉන්දසාර ස්ථවිර, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්ථවිර, පුජ්‍ය මුරුත්‍තෙට්ටුවේ ආනන්ද ස්ථවිර, පූජ්‍ය මහාචාර්ය මල්වානේ චන්ද්‍රරතන ස්ථවිර, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්ථවිර, පූජ්‍ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති ස්ථවිර යන ගරුතර සංඝ රත්නය විසින් ගරු අගමැතිතුමාගෙන් සහ ගරු කථානායකතුමාගෙන් සිදු කරන ලද ඉල්ලීමට අදාල ලිපිය ද සභාගත කරමි.

ස්තූතියි,
මෙයට විශ්වාසී,

නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත,
පාර්ලිමේන්තු මන්ත්‍රී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More