වී එෆ් එම් ගුවන් විදුලි සේවයේ, වී එෆ්. එම්. කතා “MINISTRY” වැඩසටහනට එක්වෙමින් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසා සිටියේ වී ගොවියා හා රජය අතර කෘත්‍රීමව ගැටුමක් ඇතිකර වී ගොවිතැන විනාශ කිරිමේ නව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි. එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රජය තිරිඟුපිටි කිලෝවකට රුපියල් 28 ක බදුසහනයක් දීම නිසා රජයට වාර්ෂිකව අහිමිවන බදු ආදායම රුපියල් මිලියන 34000ක් බවත් , එය මෙරට වාර්ෂික සමෘද්ධි සහනාධාර මුදලටත් වඩා වැඩි බවත්ය. එහෙත් වී කිලෝවක් නිෂ්පාදනය සදහා වී ගොවියාට ලැබෙන පොහොර සහනාධාරය රුපියල් 3 ටත් වඩා අඩු බව ඔහු අවධාරණය කළේය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ ඇමතිවරු කළ යුත්තේ ගොවියාට තර්ජන ගර්ජන කිරීම පසෙකලා ඔවුන්ව ධෛර්යමත් කරමින් ගොවිතැන නගා සිටුවා ඔවුන්ගේ නිෂ්පාදන වලට හොඳ මිලක් ලබාදී ඔවුන්ගේ ජීවන මට්ටම උසස් තැනකට ගෙනඒම පිණිස මැදිහත් වීම බවයි.
එලෙසම පිටරටින් සහල් ගෙන ඒමේ ක්‍රියාවලිය පසුපස වෙළඳ ඇමතිවරයා ඇතුලු මුදල් අමාත්‍යාංශයේ , මහා භාණ්ඩාගාරයේ හා වෙළඳ අමාත්‍යාංශයේ ජාවාරම්කාර කොමිස් කුට්ටි මත යැපෙන නිලධාරීන් සිටින බවත් ඔවුන්ගේ එකම අභිප්‍රාය මේ ආනයන “ජාවාරම” බවත් අනුරාධ තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.
සාකච්ඡාවට සහභාගි වූ මාධ්‍යයවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ වී සදහා ලබන කන්නයේ සිට රුපියල් 60 ක සහතික මිලක් නියම කරන ලෙසත් ඒ අනුව සහල් මිල රුපියල් 105 -110 ත් අතර වූ ස්ථාවර පාලන මිලක් රජයේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාවට නංවා කුඩා හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයින්ට සහන දෙමින් සහල් නිෂ්පාදනය පුලුල් කිරිමට කටයුතු කරන ලෙසත්ය. ගොවි පවුල් මාස හතරක කාලයක් මැරීගෙන මහ පොළොව එක්ක ඔට්ටු වුවද අවසානයේ ගොවි පවුලකට ලැබෙන දෛනික වැටුප රුපියල් 600 ටත් අඩු බව පෙන්වා දුන් ඒ මහතා මේ වන විට වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1000 ක් බවත් අවධාරණය කරණු ලැබීය.
අවසාන වශයෙන් ඔහු අවධාරණය කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව බලයට පත් කරණු පිණිස වැඩිම දායකත්වය ලබාදුන් ගොවි ජනතාවට මේ ආකාරයට සැලකීම කිසිසේත්ම අනුමත නොකරණ බවත් ගොවි ජනයා සහ කුඩා හා මධ්‍යම පරිමාණයේ වී මෝල් හිමියා අපහසුතාවයට පත් කරණ එවැනි නිර්ලජ්ජිත ප්‍රකාශ නිකුත් කරන්නේ කාගේ උවමනවන් ඉටුකරන්නටදැයි ගැටලුවක් පැන නගින බවයි.
කෙසේ වුවද තම සංවිධානය සමස්ථ ගොවි පරපුරේ උන්නතිය වෙනුවෙන් මහා සංඝරත්නය , වෘත්තිකයන් ඇතුලු ජාතික සංවිධානසමඟ ඉදිරියේදී එක්ව කටයුතු කරන බව සමස්ථ ශ්‍රී ලාංකේය ජාතිය ඉදිරියේ සපථ කරණ බව පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...