මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසා සිටියේ රජයට වී ලබාදෙන ලෙස කිසිදු ගොවියෙකුට බලපෑමක් නොකරන බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ හෙක්ටයාරයකට වැඩි, පොහොර සහනාධාරය ලබන ගොවියන් රජයට වී දියයුතුය යන තීරණය ද ඉවත් කළ බවයි.
ඒ අනුව ඊයේ (22) මධ්‍යම රාත්‍රීයේ සිට තෙත වී රුපියල් 46 ටත්, වියළි නාඩු රුපියල් 52 ටත්, වියළි සම්බා රුපියල් 54 ටත් මිලදී ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. කෙසේ වුවද කිනම් මිළකට වී මිලදී ගත්ත ද නාඩු සහල් කිලෝවක් රුපියල් 97 ටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 99 ටත් පාලන මිලට විකිණිය යුතු බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කර සිටියේය. රජය සහතික කළ මිළට සතොස හා සමූපකාර හරහා සහල් ලබාදෙන බව අමාත්‍යවරයා අවධාරණය කරණු ලැබීය.
කෙසේ වුවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යයවරයා මින් පෙර පවසා සිටියේ හෙක්ටයාර එකකට වඩා කුඹුරු වපසරියක් ඇති වී ගොවීන් තම අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් 1000ක් රජයේ වී මිළදී ගැනීමේ මධ්‍යයස්ථාන වෙත ලබා නොදෙන්නේ නම් ඔවුන්ගේ පොහොර සහනාධාරය ලබන කන්නයේදී කපා හරින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...