අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරයුමකට අනුව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඔහුගේ විදේශ ඇමත්වරයා ද සමඟ දෙදින නිල සංචාරයක් සඳහා අද (23) දින ලංකාවට පැමිණීමට නියමිතය.
කාශ්මීරයේ ඉන්දියානු පාළන ප්‍රදේශ තුළ මානව හිමිකම් උල්ලංඝණය වීම් සිදු වෙනවා යයි චෝදනා කරමින් මින්පෙර අවස්තා දෙකකදී මෝදිගේ ගුවන් යානයට පකිස්තාන ගුවන් කළාපය පාවිච්චි කිරීමට පකිස්තානය අවසර නොදුන් තත්ත්වයක් තුළ මෙම අවසරය ඉන්දියාව විසින් ලබාදීම මෙන්ම ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර මතබේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන අවස්ථාවක වීම විශේෂත්වයක් පමණක් නොව කළාපීය සහයෝගීතාවය පිළිබඳ යහපත් ප්‍රවණතාවයක් ද වන බව ජාතික සංවිධාන එකමුතුවේ විද්වත් මණ්ඩළයේ අදහසයි. .
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත අතර නිළ සාකච්ඡාවලින් අනතුරුව අද දින ශ්‍රී ලංකා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරු එක්ව ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට ද නියමිතව සිටියි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.hindustantimes.com/india-news/india-permits-imran-khan-s-aircraft-to-use-its-airspace-for-travel-to-sri-lanka-101614050417026.html

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...