ගැටළුව සම්බන්ධව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද (23) පෙරවරුවේ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වු බැවින්; දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (22) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමේ තීරණයට එළැඹි බව “ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස්” රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසනවා.
මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන් ගලවා නැවත ඉදිකිරීමට ගෙන ඇති තීරණය වහා නතර කරන ලෙස බලකරමින් මෙම දුම්රිය වර්ජනය ඊයේ ම්‍යධම රාත්‍රීයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබිණි.
කිලෝ මීටර 131 ක් පමණ දුරැති එම මාර්ගය සම්පුර්ණයෙන් ගලවා වසරක කාලයකින් පමණ පසු නැවත ඉදිකිරීම ජාතික අපරාධයක් බවත් එම නිසා එම ව්‍යාපෘතිය වහා නතර කොට මහව – පොල්ගහවෙල දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඉන්දික මහතා පැවසීය.
ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස්...
රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුව ලන්ඩනයේ හීත්රෝ ගුවන් ත...
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට අග්‍රා...