පුරුද්දක් ලෙස ඇස් කන්නාඩි භාවිතා කරන පුද්ගලයන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ අවදානම අඩු බව පර්යේෂණයන්ගෙන් හෙළි වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉන්දියාවේදී වයස අවුරුදු 10-80 අතර පුද්ගලයන් 304 දෙනෙකු යොදාගෙන සිදුකර තිබෙන පර්යේෂණයකදී අනාවරණය වී තිබෙන්නේ අවම වශයෙන් දිනකට පැය 08 කට වඩා ඇස් කන්නාඩි භාවිතා කරන පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ අවදානම, කන්නාඩි භාවිතා නොකරන පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ අවදානමට වඩා තුන් හතර ගුණයක් අඩු බවයි.
සාමාන්‍යයෙන් සෑම පුද්ගලයෙකුම පැයකට අවම වශයෙන් 23 වාරයක් සිය මුහුණ ස්පර්ශ කරන අතර තෙවරක් සිය ඇස් ස්පර්ශ කරයි. කෙසේ නමුත් ඇස් කන්නාඩි භාවිතා කරන්නන්ගේ එම අගය ඉතා අවම වීම, කොවිඩ් අවදානම අඩු වීමට හේතු වී තිබෙනවා.
මේ අතර මීට පෙර චීනයේ සිදුකළ පර්යේෂණයකදී හෙළි වී තිබෙන්නේ එරටින් මෙතෙක් හඳුනා ගත් සමස්ත ආසාදිතයන් අතර ඇස් කන්නාඩි භාවිතා කරන්නන් සිටින්නේ 05% කටත් අඩු ප්‍රමාණයක් බවයි.
ඇස් හරහාද කොවිඩ් වෛරසය ශරීරය තුළට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් තිබෙන අතර ඇස් කන්නාඩි භාවිතා කරන්නන්ට ඒ සඳහා තිබෙන්නේ ඉතා අවම අවදානමක් බව ද හෙළිවී තිබෙනවා.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින්
https://indianexpress.com/article/lifestyle/health/covid19-pandemic-personal-hygiene-spectacles-lens-clean-easy-tips-6419657/
එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිලයේදී මහ කොමසාරි මිචෙල් බැචලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාව ඊ...
දැනට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මුතුරාජවෙල තෙත්බිම පරිසර අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ විෂයපථය යටතට ගෙන ඒකාබද්ධ ...
පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප...