පුරවැසි කොලම

නවසීලන්ත පාර්ලිමේන්තුවේ සංයුතිය පෙනුමට පැටලිලි සගගතය. ඊට හේතුව පාර්ලිමේන්තුවේ 120 දෙනාගෙන් හැටහතර දෙනෙකු වෙන පාලක කම්කරු පක්ෂයේ භාගයකට වඩා කාන්තාවන් වීමය. ඊළඟට පාර්ලිමේන්තුව නියෝජනය කරන පැසිපික් දූපත් කලාපයේ සම්භවය ඇති ‘මා ඕරි’ ජාතිකයන් 16 දෙනෙක්ම වෙයි. එසේම ප්‍රථම අෆ්‍රිකානු සම්භවයක් ඇති මන්ත‍්‍රීවරයා වෙන ඉබ්‍රහිම් ඔමාර් ට අමතරව ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වනූෂි වෝල්ටර්ස් ද ඊට ඇතුළත්ය.

ඊටත් වඩා විස්තර සොයා බැලූවහොත් සමස්ත පාර්ලිමේන්තුවෙන් සියයට දහයක් පමණ සමකාමීය. කොටින්ම කිවහොත් උප අගමැතිවරයා ලෙස පත් කර තිබෙන ග්‍රාන්ට් රොබර්ට්සන් ද සමකාමීයෙකු බව ප්‍රසිද්ධියේ
පිළිගන්නා මන්ත‍්‍රීවරයෙකි.

මේ පාර්ලිමේන්තුව සැලකෙන්නේ විවිධත්වය අතින් ලොව අංක එකේ සංයුතියක් ඇති පාර්ලිමේන්තුව ලෙසිනි. එසේම ජසින්තා ආර්ඞ්න් සැලකෙන්නේද රටක් මෙහෙයවන්නට පත්වූ ළාබාලතම කාන්තා නායිකාව ලෙසිනි. එහෙත් ඇය අනෙක් වයසක නායකයන්ට වඩා පරිණත බවක් පෙන්වීම මේ ඔක්කොටම වඩා ප්‍රධානය. පසුගිය දාක මා ඕරී පදනමක් ඇති ‘මා ඕරි ජනතා පක්ෂයේ’ නියෝජ්‍ය නායකයෙකු වෙන රවීරි වයිටිටි විසින් පාර්ලිමේන්තු සභා ගර්භයට ටයි පටියක් පැළද ඒම අනුමත නොකොට, කාතානායකවරයා විසින් සභාවෙන් පිටමං කළ වෙලේ ඇය පළ කළ අදහස මේ බව තවත් තහවුරු කරන්නට යෙදුණේය.

”මට පෞද්ගලිකවත් මේ ටයි පටියක් නොපැළදීම ගැම ගැටළුවක් නැහැ. පොදුවේ අපට තිබෙන ගැටළු විසදා ගැනීම කෙරෙහි කොහොමටවත් ටයි පටියක් ප්‍රශ්නයක් වෙන්නටත් ඉඩක් තියෙන්නට බැහැ. මට හිතෙන්නේ නවසීලන්ත ජාතිකයන්ට ඊට වඩා වැදගත් කාරණා තිබෙනවා.!”

ටයි පටියේ ගැටළුව ආවේ වයිටිටි මන්ත‍්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ පිරිමි මන්ත‍්‍රීවරුන් සදහා සාම්ප්‍රදායක ලෙස පිළිගෙන තිබෙන ටයි පටිය නොපැළැද ඒ වෙනුවට සිය පැසිපික් සම්බන්ධතා නියෝජනය කරන හරිත-පාෂාණමය කර පළදනාවක් පාවිච්චි කිරීම නිසාය. ඒ සමගාමීව ඔහුගේම පක්ෂයේ මන්ත‍්‍රීවරියක් වෙන ඩෙබී එන්ගාරේවා-පැකර් ඇගේ ඇඳුමට නොගැලපෙන ටයි පටියක් පළදමින් විරෝධය පළ කළාය.

”ඔවුන්ට එහෙම අයිතියක් තිබෙන්නට ඕනෑ නැද්ද? ආපහු හැරී බැලූවාම ආක්‍රමණකාරී යටත්කර ගැනීම්වලදී නවසීලන්තයේ මා ඕරී ජාතිකයන් සමූල ඝාතනය වෙද්දි ඒ බලහත්කාරකමේ සංකේතය වුණේ ටයි පටිය. එහෙම අතීතයක් තියෙද්දී පීඩිතයාටත් එහෙමම පීඩකයාගේ සලකුණු භාවිතා කරන්නට යැයි කීම සාධාරණද?” අහන නවසීලන්තයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියෙකු හා උපකුලපතිවරියක් ද වෙන ක්ලෙයාර් රොබින්සන් මේ අවස්ථාවෙ පාර්ලිමේන්තුවට ලැජ්ජා කොට තිබෙන්නේ කථානායකවරයා වෙන ට්‍රෙවොර් මැලාර්ඞ් බව කියන්නේය.

එහෙත් මැලාර්ඕ සිය අණසක පැතිරවීමේ පරණ පුරුදු අත හරින්නට කැමති පාටක් නැත. ඔහු කියන්නේ බහුරතයක් දෙනා යුරෝපීය ඇඳුම සහ ටයි පටිය සම්ප්‍රදාය ලෙසම පැවතීමට තමන්ගෙන් ඉල්ලා සිටින බවය. ඒ නිසා වයිටිටිට ඊට අවසර දෙන්නට තමන්ගේ බලාපොරොතුවක් නැති බවත්, එහෙම නොවුව හොත් ඊළඟ සභා වාරයේදීත් ඔහුව එයින් එළවා දමන්නටත් සිදුවෙන බවත් මැලාර්ඕ අවධාරණය කරන්නේය.

එහෙත් දැන් බහුතරයක් නවසීලන්තය පුරවැසියන් සහ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් අගමැතිවරියගේ ප්‍රකාශය මැලාර්ඞ් ට මතක් කරමින් “ටයි නොව දැන් නවසීලන්තය ගැන සිතනු” කියන්නේය. විශේෂයෙන් වයිටිටිගේ විෂයයන් වන පරිසරය සහ ආරක්ෂණ අණපනත් කෙරෙහි ක්‍රියාකරන්නට ඉඩ දෙනවා විනා පාරලිමේන්තුවේදී අනවශ්‍ය ප්‍රශ්න මතු නොකරන ලෙසද බල කරන්නේය. සමහර විට එහේ ප්‍රශ්නය හොඳ අතකට විසඳෙනු ඇත. වයිටිටි එක්කො ටයි නැතුව හෝ ඇතුව පාර්ලිමේන්තුවට යනු ඇත. නවසීලන්තයට ජනතාව ඉල්ලන දේ ලැබෙනු ඇත.

එහෙත් දැන් කාලයක් තිස්සේ මෙහේ ජනතාව ඉල්ලන දේ නම් වෙන්නේ නැති බව නිසැකය. මෙහේ ඉල්ලන්නේ ටයි පටියෙන් බැරි නම් බඳ පටියෙන් නැත්නම් එල්ලං ඉන්නා වෙනත් පටියකින් හෝ අල්ලා 225 ම දියවන්නාවට දමන ලෙසය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More