දේශීය පුවත්

ඓතිහාසික රඹකැන්ඔය ප්‍රදේශය මූළික කරගෙන අක්කර 2750ක බඩ ඉරිඟු වගා කිරීම සඳහා, මහවැලි අධිකාරිය යටතේ පාළනය වන හඳුනාගත් රක්ෂිතවලට අයත් නොවන ඉඩම් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබූ අතර මෙම ඉඩම් ලබා දීමේදී ප්‍රථමව වර්ෂයක කාලයක් සඳහා ලබා දී පසුව සාර්ථකත්වය මත දිගු කාලීන බදු පදනම මත ලබා දීමටද මෙම කැබිනට් අනුමැතිය තුළ සඳහන්ව තිබුණි.

කෙසේ වෙතත් මෙම අනුමැතිය ලැබීමටත් පෙර පසුගිය දෙසැම්බර් මාසයේදී අම්පාර මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොල්ලේබැද්ද ගම්මානයේ රඹකැන් ඔයේ දකුණු ජල පෝෂක ප්‍රදේශයේ වනාන්තර භූමි හෙළි කිරීම ආරම්භ වූ අතර එයට ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල විය.

මෙලෙස විරෝධය එල්ල කළ ජනතාව අතර පොල්ලේබැද්ද ආදිවාසී නායක තලා බණ්ඩාරලාගේ ගුණවර්ධන මහතාද සිටි අතර ඔහුගේ විරෝධතාවය අඛන්ඩවම කරගෙන යන අතරතුරදී ඔහු ප්‍රකාශ කර සිටියේ “මේවා ජාතික අපරාධ, අපේ දරු පරම්පරාවටම සාප වන වැඩ” යනුවෙනි.

“යුද්දේ කාලෙවත් අපි මේ ගම් බිම් දාලා ගියේ නැහැ. අපි මේ කැළෑ වැදිලා රෑට හැංගිලා දවාලට එළියට එනවා. එහෙම කරලා අපි මේක ආරක්ෂා කරගත්තේ. අපි මේක තව විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් ද ආදිවාසී නායකවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම වැද්දා කියන්නේ අනුන්ගේ දේවල් හොරකම් කරනවට, අනුන්ගේ පොල්වලු කඩන එකාට නොවන බවත් වැද්දා යනු වැදගත්කම බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙම ඉඩම් මිලට ගත් ආයතනය විසින් ඔහුට අල්ලස් දීමට ද උත්සාහ කර ඇති බවට සඳහන් කර සිටි ගුණවර්ධන මහතා; “මට කොම්පැණිකාරයා ඇවිත් කිව්වා කාමර 09ක් එක්ක ගේ හදලා දෙන්නම්, ත්‍රිවීල් එකක් අරන් දෙන්නම්, කන්නයකට අවුරුද්දකට ලක්ෂ 5 ගානේ දෙන්නම් ඔයා මේකට කලබල වෙන්න එපා කෑගහන්න එපා කියලා” යැයිද ඔහු සඳහන් කළේය.

“මහත්තයෝ ජාතිය පාවා දීලා මං ජීවත් වෙලා වැඩක් නැහැ. අන්න පාර යන්න කිව්වා. තව කතා කළොත් පොරවෙන්ම කපනවා කිව්වා . ඊට පස්සේ තමා අපිව අරන් ගිහිල්ලා රිමාන්ඩ් කෙරුවේ” යැයි තමන්ගේ භූමිය රැකගන්නට ගොස් විඳින්නට වූ කරදර පිළිබඳව ද සඳහන් කරමින් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට එම ප්‍රදේශයේ ජල පෝෂක ඇතුළු ස්වභාවික පරිසරය දැඩි ලෙස විනාශ වී ගොස් ඇති බව දැකගත හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More