ශ්රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසම “මානව හිමිකම් මර උගුලට” කොටු කිරීම සඳහා ගෙන යන ක්‍රියාදාමය පරාජය කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ගෝලීය ශ්‍රී ලංකේය සංසදයේ සහ ජාතික සංවිධාන එකමුතුවේ යෝජනා සම්බන්ධයෙන් මෙතෙක් කලක් ආණ්ඩුව මෙන්ම වගකිවයුත්තන් දැනුවත් කළද ඒ සම්බන්ධව මෙතෙක් සාධනීය ක්‍රියා මාර්ග ගෙන නොමැති බව එම සංවිධාන වල අදහසයි.
ඒ අනුව ඔවුන් විසින් ඉදිරිපත් කරණ යෝජනා සම්බන්ධයෙන් මහජන සාකච්ඡාව 24 වන බදාදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 09:00ට“ජිනීවා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?” නමින් සිදු කිරීමට නියමිතය. ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතාත්, ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් එම සංවිධානයේ විධායක කමිටු සාමාජිකයන් වන ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සහ යසස් ධර්මදාස මහතාත්, ගෝලීය ශ්‍රී ලංකේය සංසදයේ ශ්‍රි ලංකා නිත්‍යය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතාත් සහභාගි වීමට නියමිතය.
පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ ඕනෑම අයෙකුට සහභාගි විය හැකි බව සංවිධායකයෝ පවසති…
පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප...
ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්රී ලංකා නිදහස්...
රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුව ලන්ඩනයේ හීත්රෝ ගුවන් ත...