ඊයේ (21) දින පැවති මාධ්‍ය හමුවකදී සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කර සිටියේ රට තුල දළුලා වැඩෙමෙන් තිබූ මුස්ලිම් අන්තවාදය පිළිබඳව රටට හෙළිදරව් කළ ජාතික සංවිධාන චූදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවයි.
එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව සකසන අවස්ථාවේදී කොමිසමේ සියලුම සාමාජිකයින් සහභාගී වූවාද යන සැකය මතුව තිබෙන බවත් කවුරුන් හෝ දෙතුන් දෙනෙකුගේ දේශපාළන උවමනාවට කොමිෂන් සභාවේ නිර්දේශ සකස් කර තිබෙනවානම් එය බරපතළ තත්වයක් බවත් සුදත්ත හිමියෝ තවදුරටත් පැවසීය.
ඉස්ලාම් අන්තවාදීන්ගේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලනවා වෙනුවට මෙරට ජාතික සංවිධාන මර්ධනය කිරීමට උත්සාහ ගන්නවානම් එයට එරෙහිව පුළුල් ජනමතයක් ගොඩ නගන බවත් උන්වහන්සේ සඳහන් කරන ලදි.
“පාස්කු කොමිෂන් සභාවේ අවසාන වාර්තාව සකස් කිරීමේදී විනිසුරුවරුන් පස් දෙනාගේ ඒකමතික තීන්දුවක් මත සකස් කලාද?” සහ “එක් විනිසුරුවෙකුගේ උවමනාවට අනෙක් විනිසුරුවරුන්ගේ හඬ යටපත් කලාද?” යන ප්‍රශ්න මේ වන විට මතුව ඇති බවත් පාස්කු කොමිසමේ අවසාන වාර්තාව සකස් කිරීමේදී තක්කඩි දේශපාළකයෙකුගේ උවමනාවට නිර්දේශ වෙනස් කලාදැයි සැකයක් මතුව ඇති බවත් අවධාරණය කර සිටි සුදත්ත හිමියෝ පාස්කු වින්දිතයන්ට යුක්තිය සාධාරණත්වය ඉටුවිය යුතු බවත් එය බෝම්බ ගහපු පුද්ගලයින්ට විරුද්ධව මිසක් අන්තවාදී ක්‍රියා පිළිබඳව හෙළිකල ජාතික සංවිධානවලට විරුද්ධව නොවිය යුතු බවත් අවධාරණය කර සිටියහ.
තක්කඩි දේශපාළනය තුලින් ජාතික සංවිධාන නිහඬ කරන්න හදනවානම් එයට එරෙහිව ජනතාව පෙළගස්වන බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට හේතුව තක්කඩි දේශපාළකයෙකුගේ මැදිහත් වීමෙන් ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ විකෘති කිරීම විය හැකි බවත් සඳහන් කර සිටි උන්වහන්සේ එම කමිටුව සඳහා බුද්ධිමත් මන්ත්‍රීවරු පත්කිරීමේ කාදිනල්වරයාගේ ඉල්ලීම සාධාරණ බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...