දේශීය පුවත්

මහ සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සංදේශයක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් ඉකුත් පෙබරවාරි 12 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි.

උන් වහන්සේලා අදාළ ලිපියේ පිටපතක් කථානායකවරයා වෙතද යොමු කරමින් ඉල්ල ඇත්තේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්ථවිර, පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක ස්ථවිර, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි,පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනායක ස්ථවිර, පූජ්‍ය බලංගොඩ සෝභිත ස්ථවිර, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි,මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්ථවිර, මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන ස්ථවිර,ආචාර්ය පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමි සහ පූජ්‍ය වැලිමිටියාවේ ඥාණරතන ස්ථවිර යන ගෞරවණීය ස්වාමින්න්වහන්සේලා මෙම සංදේශයට අත්සන් තබා ඇත.

සංදේශය මගින් උන් වහන්සේලා පෙන්වා දෙන්නේ නීති විද්‍යාලයේ සිසුන්ට නිර්දේශීත ග්‍රන්ථයක් වන මහාචාර්ය එල්.ජේ.එම්.කුරේ මහතාගේ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයට හැඳින්වීමක් යන ග්‍රන්ථයේ සඳහන් ආකාරයට පුද්ගල නීතිය යන්නට ඇතුළත් වන්නේ උඩරට නීතිය, තේසවලාමේ නීතීය සහ මුස්ලිම් නීතීය පමණක් බවයි.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් , ඉහත කී නීති අතරින් උඩරට නීතිය සහ තේසවලාමේ නීතිය ප්‍රාදේශීය නීති වශයෙන් සැලකෙන බැවින් වචනයේ පරිසමාර්ථයෙන්ම පුද්ගල නීතියක් ලෙස හැඳින්විය හැක්කේ මුස්ලිම් විවාහ නීතිය පමණක් බව මහාචාර්ය එල්.ජේ.එම්.කුරේ මහතා පැහැදිලිව පෙන්වා දෙන බව පවසන උන්වහන්සේලා බෞද්ධ විහාර හා දේවාලගම් පනත එම ආයතනවල මූල්‍ය පරිපාලනය පිළිබඳ පනවන ලද නීති බවද අවධාරණය කර සිටී.

තවද උන්වහන්සේලා අවධාරණය කරන්නේ බෞද්ධ විහාර හා දේවාලගම් පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට අනුබද්ධව පවතින නීතියක් බැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය බුද්ධ ශාසනයට එරෙහිව කරන ලද බරපතළ ප්‍රකාශයක් ලෙස මහ සංඝරත්නය සලකන බවයි.

ඒ අනුව උන් වහන්සේලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අධිකරණ අමාත්‍යවරයා 2021 පෙබරවාරි මස 12 වැනි දින පාර්ලිමේන්තුවේ සිදු කර තිබෙන එම ප්‍රකාශය සම්බන්ධයෙන් ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙසය.තවද උන්වහන්සේලා අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නියම කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් අවධාරණය කරණ බවත්ය.

මහා සංඝරත්නය ජනපතිතුමාට යැවූ ලිපිය…

අලි සබ්‍රිට එරෙහිව මහා සංඝරත්නය ජනපතිට ලියයි!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More