දේශීය පුවත්

2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉමහත්වූ කැපවීමකින් කටයුතු කළ “මැදපෙරදිග ශ්‍රී ලාංකික එකමුතුව” පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී; කොවිඩ් වසංගතය හේතුවෙන් අන්ත අසරණ තත්වයට පත්ව සිටින මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා නිවෙස් නිරෝධායනට ලක්කරණ ලෙස ඔවුන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් පළවූ අදහස් මෙසේය;

“අපි අතින් වියදම් කරගෙන ගුවන් යානයකින් රාත්‍රියේ ලංකාවට ගිහිල්ල ජනාධිපතිවරණය දවසෙ උදේ ගෝඨාභය මහත්තයට ඡන්දෙ දාල එදාම රෑ ආපහු ආවා. ඒ හැමදෙයක්ම කරේ රට ගැන හිතල හොරකම් නවත්වන්න, වංචා දූෂණ නවත්තන්න ගෝඨාභය මහත්තයගෙන් රටට වැඩක් වෙයි කියල හිතල.

පසුගිය කාළයේ අපි ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය බළධාරීන් ඇතුළු වගකිවයුතු රාජ්‍ය නිළධාරීන්ට ලිඛිත ඉල්ලීමක් කරා ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන මැදපෙරදිග ඇතුළු විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයින්ට නිසි සෞඛ්‍ය නිර්දේශ යටතේ නිවෙස් නිරෝධායනයට අවස්ථාව සළසා දෙන ලෙසට. නමුත් අවුරුද්දකට ආසන්න එම ඉල්ලීමට තවමත් කිසිදු පිළිතුරක් නැහැ.

විවිධ බුබුලු නමින් විදේශිකයින්ට රටට ඇතුල්වීමට අවසරදෙන්නේ නම් ශ්‍රී ලාංකිකයින් වන අපව රටට භාරනොගන්නේ ඇයි දැයි ප්‍රශ්ණ කළයුතු වෙනවා. විවිධ ජාවාරම් කරුවන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීම සඳහා රටට විදේශ විනිමය වැඩියෙන්ම සොයාදෙන අපේ ජීවිත සමග සෙල්ලම් කිරීමට ඉඩනොදෙන ලෙස දන්වා සිටිනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More