අද පෙබරවාරි 21 අන්තර්ජාතික මව් භාෂා දිනය නිමිත්තෙන් මැතිවරණ කොමිෂන් සභා හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ද්වි භාෂා ප්‍රතිපත්තිය රට තුළ නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම නිසා සිංහළ දෙමළ භේදයකින් තොරව දෙපැත්තේම ජනතාව පීඩාවට පත්වීම පිළිබඳව අවධානය යොමු කරමින් තම මුහුණු පොතේ සටහන් කර තිබූ මෙම සඳහන වගකිවයුත්තන්ගේ අවධානයට යොමුවිය යුත්තේ සරළව විසඳිය හැකි මෙම ගැටළුවට නිසි පිළියම් යෙදීමට බළධාරීන් සහ නිළධාරීන් උනන්දු නොවීම නිසා අදට ද මෙම ගැටළුවෙන් දෙපැත්තේම ජනතාව පීඩා විඳින බැවිනුත් මෙම පීඩාව ඔඩු දිවීමට හැර බළා සිටියහොත් නැවතත් අනාගතයේ දිනක මෙය පිළිකාවක් ලෙස වර්ධනය විය හැකි බැවිනුත්ය.
මව් භාෂා දිනය ලෙස පෙබරවාරි 21 සැලකීමට හේතුවූයේ වර්තමාන බංග්ලාදේශයේ ( එවකට නැගෙනහිර පකිස්තානයේ ) භාවිතවූ බංග්ලා භාෂාව වෙනුවට, රාජ්‍ය භාෂාව ලෙස බටහිර පකිස්තානයේ භාෂාව වූ උර්දු භාෂාව යොදාගැනීමට පකිස්තානය 1953දී ගත් තීරණයට එරෙහිව ඩකාහි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් ප්‍රමුඛ ජනතාව කළ අරගලයේදී ඝාතනයවූ අය සමරනුවස් බංග්ලා වැසියන් පවත්වා ගෙන ආ වැඩපිළිවෙළයි. 1956 දී පකිස්තානය ඔවුන්ගේ නියමය අකුලා ගත්තා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...