දේශීය පුවත්

වත්මන් පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් විවිධ පාර්ශව විසින් ඉතා නිර්දය ලෙස විවේචනය කරන්නට පටන් ගෙන තිබේ. එම විවේචකයෝ බොහෝ විට වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට ලේ කඳුළු වැගිරවූවෝ වීමද විශේෂයකි. එම විවේචකයන් අතරට එක්වුනු නවතම විවේචකයා “දිවයින ඉරිදා සංග්‍රහය” වීම සැලකිල්ලට ගත යුතු ප්‍රවනතාවයකි. 2021 පෙබරවාරි 21 වනදා දිවයින ඉරිදා සංග්‍රහයේ කතු වැකියට ලබාදී ඇති මාතෘකාව වන්නේ “වීරවංශාභිධානය” යන්නයි. එහිදි කතුවරයා ව් විසින් පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම්වරයා වූ සාගර කාරියවසම් මහතා පසුගියදා විමල් වීරවංශ මහතාට එල්ල කළ වාග් ප්‍රහාරය දැඩි දෝෂදර්ශනයට ලක් කරනු දක්නට ලැබේ. කතුවරයාගේ දැඩි ප්‍රහාරයට ලක්වන අනිත් පුද්ගලයා වන්නේ මහින්ද පතිරණ මහතායි.

දිවයින ඉරිදා සංග්‍රහයේ කතුවැකිය සම්බන්ධයෙන් අප දිගුකලක් මාධ්‍යය ක්ෂේත්‍රයේ රැඳී සිටින ජේෂ්ඨ මාධ්‍යයවේදියෙකු ගෙන් විමසා සිටි විට ඔහු පවසා සිටියේ තමා මෙතෙක්  පුවත්පතක දුටු සැරම කතු වැකි වලින් එකක් මෙම කතුවැකිය වන බවත් මෑත කාලයේ තමා කියවූ සැරම කතු වැකිය මෙය බවත්ය.

දිවයින කතුවරයා සිය කතු වැකිය අවසන් කරන්නේ ” විමල් වීරවංශ යනු ජාතික බලවේගයකි. රට දැය සමය වෙනුවෙන් ගිනි ගොඩක් උඩ ඉඳගැනීමට වුවද ඔහු සූදානම් බව පෙනේ. දැනට මේ රටේ විපක්ෂයක් නැත. තිබෙන්නේ ආණ්ඩු පක්ෂයක් පමණි. විමල් ඇපයට තබා මේ ආණ්ඩුව කඩා ඉහිරවීමට කිසියම් හරක් රැළක් උත්සහ කරන බව පෙනේ. මේ හරක් රැළ මෙල්ල කිරීම මහින්ද රාජපක්ෂට භාරය. උන් හරක් ගාලට දක්කාගෙන ගොස් තණ සහ පුන්නක්කු ලබාදීමත් පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ යුතුකමය.” ලෙසය.

වීරවංශාභිධානය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More