කොග්ගල කලපුවේ දැනට පවතින කඩොළාන පද්ධතිය ඛාදනය වීමෙන් ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් නව කඩොළාන ශාඛ වැටක් සිටුවීමේ ව්‍යාපෘතියක් 2019-2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම කඩොළාන සංරක්ෂණ ව්‍යාපෘතිය ලෙස තේරී තිබේ.
මෙවැනි ආකාරයේ නව කඩොළාන පද්ධතියක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ සිදුකර ඇත්තේ ප්‍රථම වතාවට බව සඳහන් වේ.
2019 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ පොදු රාජ්‍ය මණ්ඩළ අධ්‍යක්ෂිකා පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය ඇතුළු කණ්ඩායම රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔවුන්ට මෙය නැරඹීමට රජය විසින් පහසුකම් සළසාදී තිබූ අතර ඔවුන්ගේ දැඩි ඇගයීමට සහ ඉහළ ප්‍රසංශාවකට මෙම ව්‍යාපෘතිය ලක්වී තිබේ.
වනජීවීන් සහ සාගර සම්පත් සංරක්ෂණ සංවිධානයට ( Wildlife & Ocean Resource Conservation) අනුබද්ධිත තුරුළිය අරණ පාරිසරික සංවිධානය (Thuruliya Arana Environmental Organization) විසින් MAS Intimates (Pvt) Ltd දායකත්වයෙන් 2017 වසරේ ආරම්භ කර දැනට ද සාර්ථකව පවත්වාගෙන යන මෙම ව්‍යාපෘතියට මේවනවිට කොමර්ෂල් බැංකුවේ සහ ඉන්සී (INSEE) සිමෙන්ති සමාගමේ ද දායකත්වය හිමිවී තිබේ.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.facebook.com/permalink.php?story_fbid=112740470748382&id=106714464684316
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...