දේශීය පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් අද(21) පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් විසින් මරාගෙන මැරීම සඳහා කාන්තාවන් 15 දෙනෙකු පුහුණු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.

එහිදී පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ,මාවනැල්ල ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් තරුණියගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි.

එහිදී මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා පවසා සිටියේ කාන්තාවන් 15 දෙනාගෙන් 5 දෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සයින්දමර්දුහි සිදුවූ පිපිරීමෙන් මියගොස් ඇති බව අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව ඇති බවත් අනෙක් සියලුදෙනා මේ වන විට බන්ධනාගාරගතව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ සිටින බවත්ය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More