ජාතික ගොවිජන එකමුතුව මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා මඩකලපුවේදී මෙරට වී ගොවියා හා සහල් නිෂ්පාදකයන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කරයි. එම ප්‍රකාශය බන්දුල ගුණවර්ධන මහතාගේ තක්කඩි ප්‍රකාශයක් ලෙස එම සංවිධානය විසින් හඳුන්වා දී තිබේ. ජාතික ගොවිජන එකමුතුව නිකුත් කළ ඒ සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්…
ඇමති බන්දුලගේ ප්‍රකාශයට ජාතික ගොවිජන එකමුතුවේ විරෝධය ..
වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා මඩකලපුවේදී මෙරට වී ගොවියා හා සහල් නිෂ්පාදකයන් ඉලක්ක කරමින් කරන ලද තර්ජනය හා බැදුණු තක්කඩි ප්‍රකාශය සෘජුවම වී ගොවියාත් මෙරට සුලු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් වළපල්ලට යවන මාර්ගය විවෘත කරන්නක් බව අප තරයේ ප්‍රකාශ කරන අතරම මෙය මෙරටේ ගොවීන්ගේ අභාග්‍ය සම්පන්න අනාගත ඉරණමක් වෙත රජය තල්ලු කරන ආර්ථික ඝාතක ජාවාරම්කාර නිලධාරින්ගේ නව කුමන්ත්‍රණයක් බව අප විශ්වාස කරන්නෙමු.
මෙරට විසි ලක්ෂයක් පමණ වූ වී ගොවි පවුල් වල ඛේදනීය උරුමය හමාර කල හැක්කේ වී වලට හොද මිලක් ලබාදීමෙන් වන අතර ඒ සදහා ජනාධිපතිවරයාගේ “සෞභ්‍යාග්‍යයේ දැක්ම ” තුලින්ද ප්‍රකාශ විය. නමුදු වගකිවයුතු රජයේ ඇමති වරයෙකු
” පිටරටින් අඩුමුදලට සහල් ගෙන්වා සියල්ල විනාශ කරන්න පුලුවන් ” යැයි තක්කඩි ප්‍රකාශ කිරිම තුලින් මේ රජයේ 69 ලක්ෂයේ අධ්‍යාත්මය අමු අමුවේ පළුදු වන බවද කිව යුතුය. ජනාධිපතිවරයා හා මේ ආණ්ඩුව පත් කරේ ගොවිජනතාවගේ සාතිශය බහුතර ජන්දයෙන් බැවින් මෙවැනි ප්‍රකාශ හා තර්ජන කරන්න කිසිදු ඇමතිවරයෙකුට අපි ඡන්දය නොදුන් අතර ඔවුන් පිළිබඳව ගොවි ජනතාව ඉදිරියේදී නිවැරැදි තීන්දුවක් ගැනීමටද සූදානම් සේම තිරිඟු පිටි වෙනුවෙන් කිලෝවක් සදහා රුපියල් 28/= ක බදු සහනයක් දී ඇමෙරිකන් හෝ වෙනත් රටක තිරිඟු පිටි ගොවියා ශක්තිමත් කරන්න කටයුතු කරද්දී මෙරට ජීවනාලිය වූ වී ගොවියා වළපල්ලට යවන්න කටයුතු කරන මෙවැනි ඇමැතිවරුන්ට නිසි පාඩම් ඉගැන්විය යුතු බව අප තරයේ විශ්වාස කරන අතරම වී ගොවියා ඇතුලු මෙරට සමස්ථ ගොවි ජනතාවගේ හෙට දවස වෙනුවෙන් පෙනි සිටින ලෙසට මහා සංඝරත්නයෙන්ද ජාතික සංවිධාන ඇතුලු සියලු වෘත්තිකයන්ගෙන් මෙන්ම දේශමාමක පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.!
ජාතික විධායක කමිටුව වෙනුවෙන් ,
සභාපති
අනුරාධ තෙන්නකෝන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...