ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා මාධ්‍යය හමුවක් පවත්වමින් පවසා සිටියේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් යළිත් කිසිදු අවබෝධතා ගිවිසුමක් අත්සන් නොකළ යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති අවධාරණය කරන බවයි. එහිදී ඔහු අනාවරණය කළේ 2033 වසරේ දී එම සියලු තෙල් ටැංකි ශ්‍රී ලංකාවට යළි අයත් වන බවය.
එම මාධ්‍යය සාකච්ඡාවේදී අශෝක රංවල මහතා උදය ගම්මන්පිල අමාත්‍යයවරයා පසුගියදා මාධ්‍යය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්” ඉන්දීය ඔයිල් සමාගම සතුව පවතින ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළකර ඇති බවට උදය ගම්මන්පිල අමාත්‍යය වරයා කළ ප්‍රකාශයේ ගෞරවය රකින්න. එම ප්‍රකාශය ආපස්සට ගන්න එපා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කළ ප්‍රකාශයත් සමඟ පස්සට යන්න එපා.ඉන්දියානු කොමසාරිස් කාර්යාලය එල්ල කරන්නේ ප්‍රහාරයක්. ඉන්දීය කොමසාරිස් කාර්යාලයෙ ප්‍රහාරයට බය නැතුව මුහුණදෙන්න. ගිවිසුම කිසිදු හේතුවක් මත අලුත් කරන්න දෙන්න එපා.” යනුවෙන් පවසා සිටියේය.
මේ අතර ඊයේ (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් අදහස් පළ කළේය. එහිදී උන් වහන්සේ, “ත්‍රිකුනාමලයේ තෙල් ටැංකි ගම්මන්පිල මහත්තයාට තියා කාටවත් පුද්ගලිකව අයිති නෑ. මේවා රටේ ජනතාව සතු සම්පත්. මේවා භාවිතා කිරීමේ දී කිසියම් පාර්ශවයක් සමඟ ගිවිසුම් ගහනවා නම් රටට පෙන්වන්න අවශ්‍යයයි.රජයට යුතුකමක් තියෙනවා මේ අත්සන් කරන ගිවිසුම් රටට පෙන්වන්න.” යනුවෙන් පවසා සිටියෝය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...