දේශීය පුවත්

රජයේ සහතික මිළට වී අලෙවි කිරීමට තමන් කිසිසේත් සූදානම් නොමැති බව වී ගොවියෝ පවසති. රජයේ සහතික මිළට වී අලෙවි කිරීමෙන් සිදුවන පාඩුව හේතුවෙන් තම දරු පවුල් බඩගින්නේ තැබීමට හිතා මතා කටයුතු කරනවාදැයි තමන්ට සිතෙන බවද ගොවියෝ පවසති.

මේ සම්බන්ධව අදහස් දක්වන සමහර ගොවීන් පවසා සිටියේ “ගෝඨාභය මහතා අපෙන් ඉල්ලුවේ ඡන්දය විතරයි. මේ තරම් වදයක්  දෙනවා කියල අපට කිව්වේ නැහැනේ.” යනුවෙනි. පොහොර සහනාධාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමහර ගොවීන් ප්‍රකාශ කර සිටියේ “අපිට පොහොර සහනාධාරය එපා රුපියල් පන්සියයට පොහොර මිටිය වෙළෙඳ පොළට දමන්න.” යනුවෙනි. වී කිලෝ දහසක් ආණ්ඩුවට නොදුන්නොත් පොහොර සහනාධාරය කපා හරින බවට ආණ්ඩුව කරණු ලබන තර්ජනය අනිවාර්යෙන්ම ලබන කන්නයේදී ගොවීන්ට පොහොර සහනාධාරය නොදී සිටීමට කරණු ලබන තර්ජනයක් බව බොහෝ ගොවීන්ගේ අදහස වී තිබේ.

මේ අතර වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා සහල් මිළ පාලනයට ගන්නා අනවශ්‍යය මැදිහත් වීම ක්‍රියාත්මක වුවහොත් අනිවාර්යෙන්ම ලංකාවේ වී ගොවි තැන සම්පූර්ණයෙන්ම විනාශ වීම නියත බව ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධ විශේෂඥයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More