දේශීය පුවත්

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් සංසරණය වන ගිණුම් සොයා ඇරඹි විමර්ශන සමග මුදල් බැංකුගත නොකිරීමට කුඩු ජාවාරමුන් ක්‍රියාත්මක වන බව හෙළි වී තිබේ. කුඩු ජාවාරම්කරුවන්ට සහාය දුන් බැංකු නිලධාරින් ගැන විමර්ශන ඇරඹීමත් සමග ඔවුන්ගේ මුදල් ගිණුම්ගත කිරීමේ ගැටලුවකට මුහුණ දී ඇත. මීට පෙර ඔන් ඩීල් (Oන් ඪේල්) ක්‍රමයට විදේශ රටවල්වලට රැගෙන ගියද එයද පසුගිය කාලයේ අඩපණ වී තිබේ.

හෙරොයින්වලට ඇබ්බැහි වූවන් ලක්ෂයක් රටේ සිටින බවත්, ඔවුන් සඳහා දිනකට කුඩු කිලෝග්‍රෑම් තුනක් අවශ්‍ය බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ සමීක්ෂණයකදී හෙළි වී තිබිණි. දිනකට කුඩු කිලෝ තුනක් වෙනත් රසායනික ද්‍රව්‍ය සමග අටගුණයකින් කලවම්කර සිල්ලර වෙළෙඳාමේදී හෙරොයින් පැකට් ලෙසින් දිනකට කිලෝග්‍රෑම් 32 ක් විකිණෙන බවත් හෙළි වී ඇත. කලවම් නොකරන ලද හෙරොයින් කිලෝවක් රුපියල් කෝටියකට අලෙවිවන අතර සිල්ලර වෙළෙඳාමේදීත් හෙරොයින් කිලෝවක් කලවම් කළ පසුවත් එවැනිම ආදායමක් උපයන බව හෙළි වී ඇත.

මීට අමතරව අයිස් වැනි කෘත්‍රිම මත් ද්‍රව්‍ය වෙළෙඳාමද තොග වශයෙන් සිදුවන බව හෙළි වී තිබේ. හෙරොයින් ජාවාරමට මරණ දණ්ඩනය හිමි වුවත් අයිස් මත්ද්‍රව්‍ය සඳහා එවැනි නීති සම්පාදනය නොවීම නිසා ඒ සඳහා නව නීති සකස් කිරීමේ අවසන් තීරණ ගැනීමේ සාකච්ඡාවක් පෙරේදා (19) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිත විය.

ගල්කිස්ස කේන්ද්‍ර කරගනිමින් මර්වින් ජානාගේ කුඩු ජාලයේ රුපියල් කෝටි දාහතරක ගිණුමක් ඔහුගේ බේකරියක සේවකයකුගේ නමින් ගිණුම්ගත කර තිබියදී පසුගියදා සොයා ගත්තේය. මර්වින් ජානාගේ සහෝදරිය සතුව ලක්ෂ 432 ගිණුම් දෙකක් මීට පෙර සොයා ගැනිණි. එම ගිණුම් මෙහෙයවා තිබුණේ රජයේ බැංකුවක විශ්‍රාමික කළමනාකරුවකු ලෙස කටයුතු කළ වේරහැර පදිංචිකරුවකු විසිනි.

මේ අයුරින් කුඩු අංජුගේ ලක්ෂ 4000 ක් සංසරණය වූ බැංකු ගිණුමක් හා ඔවුන්ට සහය පළ කළ බැංකු නිලධාරින්ද සොයා ගැනිණි.

කුඩු ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් මෙහෙයවූ බැංකු නිලධාරින් ගැන සොයා නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග මුදල් ගිණුම්ගත නොකර භූගත සේප්පුවල සඟවන බව හෙළි වී ඇත.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කඩුවෙලදී හරක් කටාගේ කුඩු ජාවාරමට අයත් කුඩු ග්‍රෑම් 300 ක් සමග නිවසක ගබඩාකර තිබූ රුපියල් පන්කෝටි අනූඑක්ලක්ෂයක් මීට පෙර අත්අඩංගුවට ගත්තේය.

මෙම සතියේ පොලිස් විශේෂ කාර්ය බළකාය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ වැටලීම්වලදීත් කුඩු ජාවාරම්කරුවන් සතුව තිබී ලක්ෂ ගණනක සැඟවූ මුදල් හමු වී ඇත.

මීට පෙර මෙම ජාවාරම්කරුවන් එම මුදල්වලින් දේපොළ මිලදී ගත් අතර ඒවාද රාජසන්තක කිරීමට කටයුතු කිරීම නිසා මෙසේ භූගත බංකර් සකස්කර තැබීමට පෙලඹී ඇති බව පොලිසිය පවසයි.

කුඩු ජාවාරමුන්ගේ භූගත සේප්පු රාජසන්තක කරන මෙහෙයුමක් සඳහා තොරතුරු සොයා විමර්ශන අරඹා තිබේ.
(අරුණ පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More