දේශීය පුවත්

පකිස්තාන අගමැති ශ්‍රී ලංකා පාර්ළිමේන්තුව ඇමතීම අත්හිටුවූයේ පක්‍ෂ නායකයන් නොව ආණ්ඩුව විසින් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේයි.

08 දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී (පක්ෂ නායක රැස්වීම) සභානායක දිනේෂ් ගුණවර්ධන අපහට දැන්වුයේ පකිස්ථාන ගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ශ්‍රි ලංකාවට සම්ප්‍රාප්ත වන බවත්, එම පැමිණෙන අවස්ථාවේදී 2021 පෙබරවාරී මස 24 වන දින ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට තිරණය කර ඇති බවත් රජය විසින් එදින පක්ෂ නායක රැස්වීමේදී දන්වන ලදී . මෙහිදී පක්ෂ නායකයින් සියලු දෙනා එම අදහසට එකඟවිය.

නමුත් අද දින එනම් 2021 පෙබරවාරී මස 18 වන දින පැවති පක්ෂ නායක රැස්වීමේ දි සභානායක දිනේෂ් ගුණවර්ධන විසින් දැන්වුයේ පකිස්ථාන ගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා පෙර දැන්වු පරිදි 2021 පෙබරවාරි මස 24 වන දින ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව අමතන්නේ නැති බවය.

එම අවස්ථාවේදී මා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් පැවසුවේ විපක්ෂයේ සිටින සියලුම මන්ත්‍රිවරුන් ගරු පකිස්ථාන අග්‍රාමාත්‍යතුමාගේ පැමිණිම ඉතා උද්යෝගයෙන් අපේක්ෂා කල අතර නමුත් එතුමා පාර්ලිමේන්තුවට නොපැමි‍ණෙන හේතුව කුමක් ද යන්න මා විසින් විමසන ලදි.

එහිදී සභානායකවරයා, ගරු කථානායකතුමාගේ අනුමැතිය යටතේ පැවසුවේ වාර්තමාන කොවිඩ් අර්බුදය නිසා පකිස්ථාන අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුව ඇමතිමට පෙර ගත් තීරණය වෙනස් වු බවත්, එම තීරණය ශ්‍රි ලංකා රජය හා පාකිස්ථාන රජය එකඟතාවය මත සිදු වු බවත්ය. එවිට මා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් පැවසුවේ මෙම තීරණය ආණ්ඩුව විසින් ගත් තීරණයක් බවත්, පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් නොවන බවත් සටහන් කරගන්නා ලෙසය.

අධිනිතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More