මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර සිටියේ සහෝදර පක්ෂ සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට පෙර එකඟ වූ ගිවිසුම මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් අද වන විට පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර පක්ෂ අතර සංවාදයක් ඇත්තේ ම නැති තරම් බවත්ය.
මහා පරිමාණ වංචා දූෂණ, විශාල වශයෙන් ඉඩම් කොල්ල කෑම්, දැඩි පාරිසරික විනාශයන් මෙන්ම ඥාති හිතවතුන් ඉහළ තනතුරු සඳහා පත් කර ඇති බවත් චෝදනා කරන ඔහු මෙලෙස කටයුතු කළහොත් සහෝදර පක්ෂ වෙනම තැන්වල රැස්වීම දිගටම සිදුවිය හැකි බවත් එවිට ඉදිරියේදී තත්ත්වය තවදුරටත් නරක් වනු ඇතැයිද වැඩිදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...