අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටුවපිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත අද (20) දින හදිසියේ පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේගේ පැමිණීම සැලවූ ප්‍රදේශවාසින් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා මඟ දෙපස රැස්වූහ.
“අපිට ඕනේ සාධාරණය. රජය නිහඬ ඇයි? තවත් කමිටු පත්කරන්න එපා. අපේ දරුවෝ දෙමව්පියෝ ගොඩාක් මැරිලා තියෙන්නේ. අපි ඔබ වහන්සේ සමඟ ඉන්නවා.ඔබ වහන්සේව තනි කරන්නේ නෑ. ඔබ වහන්සේ කාටවත් බියවෙන්න එපා. සත්‍යය කතා කරන්න. මේ රජය කරන බොරුව අනිවාර්යෙන්ම මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ. අපි තාමත් අඬනවා.“ යනුවෙන් ජනතාව ආවේඅගාත්මක වෙමින් කාදිනල් තුමන්ට පැවසීය.
එයට පිළිතුරු දෙමින් කාදිනල් හිමියන් නව කමිටුවට එරෙහිව පවසා සිටියේ; සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් නැති අයට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩ නොදෙන බවයි.
තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ; “ඔයාලා විතරක් නෙමෙයි අපිත් අඬනවා. එහෙම කිසිම අසාධාරණයක් කරන්න ඉඩ තියෙන්නේ නෑ. පාස්කු කොමිසමේ වාර්තාව අපි ඉල්ලුවා. ඒක ලැබෙනකල් මම ඉන්නේ. නමුත් කමිටු තාලා තමන්ට අවශ්‍යයි කියන දේ තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නෑ. අපි ඉල්ලන්නේ මේ වාර්තාව සම්පූර්ණයෙන් එළදරව් කරන්න. වාර්තාවේ තියෙන සමහර දේවල් හංගන්න එපා. එතකොට අපි තීරණය ගන්නම් කරන්න ඕනේ දේ. යම් ආකාරයට රජය බයවෙලා මේක හංගනවා කියලා හැඟීමක් අපිට එනවා. කමිටුව අපි පිළිගන්නේ නෑ. නිලධාරින් ටික දෙනෙක්ව හිරේ දාලා මේකට පිටුපසින් ඉන්න බලවේග හංගන්න දෙන්න බෑ. “
ජනතාව – මේකේ විසඳුම් ලැබුණේ නැතිනම් මොකද්ද හිමියනි ඊළඟ පියවර?
“අපි කිව්වා නේ අපි ජාත්‍යන්තරයට යනවා. “
ජනතාව – ඔබ වහන්සේ වතිකානුවේ පාප් වහන්සේව දැනුවත් කරලා තියෙනවා ද මේ සම්බන්ධයෙන් ?
“උන් වහන්සේලා දන්නවා. උන් වහන්සේලා සමග සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේම අපේ විවිධ ජාත්‍යන්තර සංවිධාන තියෙනවා. ඒ සංවිධානවලට කරුණු ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි.“
අනතුරුව කටුවාපිටිය දේවස්ථානය වෙත පැමිණි කාදිනල් හිමිපාණන් එහිදී ද ප්‍රදේශවාසි ජනතාව සමඟ සාකච්ඡාවක නිරත විය.
“ඔයාලා බය වෙන්න එපා. අපි ඔක්කෝම මෙතෙන ඉන්නේ ඒකට යි. කමිටුවලින් කරන්නේ සමහර යෝජනා යටපත් කරලා අනිත් යෝජනා විතරක් ඉදිරියට ගේනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පිටකොන්දක් තියෙන නායකයෙක් ව. අපේ නායකත්වයෙන් වැඩක් නෑ කියන කියන දේට ඔලුව පාත්කරන්න ගියාම.ඔයාලගේ පැත්තේ මම ඉන්නේ. පාලනය වැරදියට කරනවා නම් අපි ඒකට විවේචනය කරනවා. උගත් මිනිස්සු 5කගෙන් සමන්විත කොමිසම දුන්න විනිශ්චය දුන්නේ ඒ කරුණු ඉෂ්ඨ කරන්න. ඒ නිසා O/ළ් පාස් නැති මිනිස්සුන්ට මේක තීරණය කරන්න ඉඩදෙන්න බෑ.“
මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ, ත්‍රස්ත පුහුණුව ලැබූ මොහොමඩ් ඊබ්‍රාහිම් සහිඩා නම් 24 හැවිරිදි තරුණියක් ඊයේ මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණි.
ඇය මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ෂාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනාගේ නැගණියයි.
ත්‍රස්ත ප්‍රහාරයෙන් සතියකට පසු මෙම හක් සහෝදරයින් දෙදෙනා ගම්පොල පාවහන් වෙළෙඳසැලක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණු අතර ඉන් පසු අවස්ථාවකදී ඔවුන්ගේ පියා ද අත්අඩංගුවට පත්විය.
ඔවුන් මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින අතර ඊයේ අත්අඩංගුවට පත් තරුණිය ද ප්‍රහාරය එල්ල වූ කාලයේදී ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...