පුරවැසි කොලම

තුලනාත්මක ආගමික හැදෑරීම සම්බන්ධයෙන් මෙන්ම බුදු බුදුසමය සම්බන්ධයෙන් ඉතා ගැඹුරු හැදෑරීමක් කළ ලෝක දාර්ශනිකයින් අතර ඉහළින්ම සිටි අයෙකි මහාචාර්ය ට්‍රෙවෝ ලිං. ඔහු රචනා කළ ග්‍රන්ථ රැසක් අති මහත් ජනප්‍රියත්වයට ජනප්‍රියත්වයට පත් විය. නයෝමා  ද සිල්වා විසින් මෑතකදී බුද්ධ නමින් සිංහලට පරිවර්තනය කර ඇති The Buddha – Buddhist  Civilization in India and Ceylon නම් ට්‍රෙවෝ ලිංගේ කෘතිය අග්‍ර ගණයේ ශාස්ත්‍රීය නිපැයුමකි.

ට්‍රෙවෝ ලිං 1920 වසරේ දී ලන්ඩනයේ දී උපත ලැබූ අතර ඔහු මිය ගියේ 1995 වසරේ දී ය.  යුද සේවාව යටතේ ඉන්දියාවට පැමිණ ට්‍රෙවෝ ලිං කල්කටා හි දී හින්දු  ධර්මය ගැන දැනගෙන සංස්කෘත සහ පාලි ඉගෙන ගැනීමට තීරණය කළේය. 1946 වසරේ දී ආපසු එංගලන්තයට ගොස් දේව ධර්මය සම්බන්ධයෙනුත් නූතන ඉතිහාසය සම්බන්ධයෙනුත් ගැඹුරින් හැදෑරූ ඔහු 1950 දශකයේ දී නොටින්හැම් විශ්වවිද්‍යාලයේ දේව ධර්මය ඉගැන්වීමට සමත් විය. ඔහු කිතුනු පූජකයෙකු ලෙස ද කටයුතු කර ඇති අතර ථේරවාදී බුදු සමය සම්බන්ධයෙන් ලෝකයේ සිටි ඉහළම පඬිවරයකු ද විය. කිතුනු දේවධර්මය හැදෑරුවත් අතර 1960 දශකයේ දී තුලනාත්මක ආගම් පිළිබඳ හැදෑරීමේ විශේෂ ලැදියාවක් ඇති වූ අතර  ට්‍රෙවෝ ලිං එහි දී අතිශයින්ම නිර්මාණශීලී ලෙස එම කාර්යය ඉටු කළේය.

ද බුද්ධ නම් ට්‍රෙවෝ ලිංගේ කෘතිය ඉන්දියාවේ දී සහ ශ්‍රී ලංකාවේ දී බුදු දහම විකසනය වූ ආකාරය පිළිබඳ ඉතා පුළුල් විග්‍රහයක් ගෙන එයි. ට්‍රෙවෝ ලිංගේ මෙම කෘතිය ඔහුගේ වඩාත් පරිණතම අවස්ථාවේ දී ලියැවුණු කෘතිය වශයෙන් බොහෝ විචාරකයන් විසින් සලකනු ලැබේ. ඉතා ඉහළ මට්ටමේ පර්යේෂණාත්මක කෘතියක් වන The Buddha – Buddhist Civilization in India and Ceylon කෘතිය ශාස්ත්‍රඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද එක සේ කියවිය හැකි කෘතියකි.

නයෝමා ද සිල්වා විසින් මෙම කෘතිය පරිවර්තනය කිරීමේදී කිරීමේ දී ප්‍රකට කොට ඇති ඉතා වැදගත් ම ලක්ෂණය වන්නේ  කෘතියේ කියවිය හැකි ගුණය(readability) ආරක්ෂා කිරීමයි. වියත් ශාස්ත්‍රඥයෙකුට පමණක් නොව සාමාන්‍ය පුරවැසියකුට තේරුම් ගත හැකි වන ආකාරයෙන් මෙම කෘතිය පරිවර්තනය කර තිබීම ට්‍රෙවෝ ලිං වෙත ද කෘතිය වෙත ද කර ඇති ඉහළම උපහාරය හා සාධාරණයයි . ට්‍රෙවෝ ලිං ද මෙම කෘතිය තුළ දී උත්සාහ ගන්නේ ඉතා ගැඹුරු බෞද්ධ මූලාශ්‍ර සංකීර්ණ ඇයුරින් ගැටගසමින් ඒ ඔස්සේ ඉතා සුළු පිරිසකට පමණක් ග්‍රහණය කර ගැනීමට යමක් නිර්මාණය කිරීම නොව බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ චරිතයට අදාළ සාහිත්‍යික මූලාශ්‍ර නිසි පරිදි ගලපමින් මනා කතාවක් ගොඩ නැගීමටයි. මේ අනුව බුදු සමයේ සහ බුද්ධ චරිතයේ ආත්මය සහ සාරය මනා ලෙසින් ගෙන හැර පෑමට මහාචාර්ය ලිං සමත් වී ඇත.

ට්‍රෙවෝ ලිං විසින් මෙම කෘතියේ කෘතියේ දී ඉදිරිපත් කරන මතය වන බුදු දහම යනු ආගමක් නොවේය යන්න බටහිර ලෝකය තුළ එම අදහස වඩාත් ප්‍රචලිත කිරීමට හේතු විය. මෙම කෘතියේ දැකීමට ලැබෙන එක්තරා දුර්වලතාවක් ලෙස අපට දැකීමට හැක්කේ බුදු සමය සම්බන්ධයෙන් විචාරාත්මක හෝ විශ්ලේෂණාත්මක කියැවීමකට ට්‍රෙවෝ ලිං නොපැමිණීමයි. ශාස්ත්‍රීය වශයෙන් විවාදාපන්න විය හැකි දේ පවා ස්වසිද්ධීන්(axioms) ලෙස ගැනීමට ඔහු කටයුතු කර ඇති අතර එය ඉහළ ශාස්ත්‍රීය කෘතියක නොතිබිය යුතු දෙයක් වශයෙන් පෙනේ. ට්‍රෙවෝ ලිං වෙත පාදක වී ඇත්තේ මූලික වශයෙන් ඉංග්‍රීසි භාෂා ලෝකය තුළ පාදක වී ඇති බුදු දහම වන අතර මෙම බුදු දහම 18, 19 සියවස් වල දී බටහිර දර්ශනයේ රාමුවෙන් බලා නිර්මාණය කර ගැණුනකි. බටහිර දර්ශනය සම්බන්ධයෙන් මෙන්ම බුදු දහම සම්බන්ධයෙන් බටහිර ලෝකය තුළ ඇති විවරණය සම්බන්ධයෙන් ද මේ වන විට ඉහළ පෙළේ විචාරයන් ඉදිරිපත් වී තිබුණ ද ට්‍රෙවෝ ලිංගේ සමයේ දී තිබූ ඓතිහාසික පදනම තුල එම විචාරාත්මක බව හොඳින් වැඩී නොතිබූ බව පෙනී යයි.

කෙසේ වෙතත් නයෝමා ද සිල්වා විසින් පරිවර්තනය කරනු ලබන  ට්‍රෙවෝ ලිංගේ කෘතිය 1970 දශකයේ දී මුලින්ම පළ වූවක් වුවත් 21වන සියවසට වඩා ගැළපෙන ආකාරයෙන් නිවැරදි කරුණුමය අවබෝධයක් ලබා දීමට සමත් වේ. මුල් කෘතියේ ඇති නිරවුල් බවට පරිවර්තනය මගින් කිසිදු ආකාරයක බලපෑමක් එල්ල නොවීම විශේෂත්වයකි. ඕනෑම විශිෂ්ට කෘතියක ඇති මනා ලක්ෂණයක් වන්නේ කාලයත් සමග එහි වටිනාකම ද වර්ධනය වීමයි. ට්‍රෙවෝ ලිංගේ බුද්ධ කෘතිය ද එවැනි ලක්ෂණයකින් යුක්ත වන අතර පසුගිය දශක  කිහිපයක කාලය තුළ දී ඉංග්‍රීසි බසින් කියවන පුද්ගලයන් ලක්ෂ සංඛ්‍යාවක් බුදු බුදුදහම වෙත යොමු කිරීමට සමත් වී ඇත. බුදු සමය මෙන්ම බුද්ධ දර්ශනය හා බුද්ධ චරිතය සම්බන්ධයෙන් විවිධ වූ අර්ථ නිරූපණ ලැබෙමින් පවතින මෙවැනි සමයකදී සිංහල බසින් කියවන පාඨක පිරිසක් වෙත ද මෙවැනි කෘතියක් පරිවර්තනය වීම විශාල ශාස්ත්‍රීය මෙන්ම ආගමික සම්ප්‍රදානයක් බවට පත් වේ.

ට්‍රෙවෝ ලිංගේ මෙම කෘතිය මගින් බුදුන්ගේ බුදුන්ගේ ජීවිතයට අදාළ පාරිසරික, සමාජීය සහ ඓතිහාසික සන්දර්භයන් පිළිබඳ අවබෝධ කර ගැනීමට හැකි වන අතර ඔහුගේ ප්‍රවේශය වන්නේ වර්තමාන ලෝකයට ගැලපෙන ජීවන ආකෘතියක් බුදුන්ගේ ජීවිතය තුළින් ලබා ගැනීමට හැකි ද යන්න විමර්ශනය කිරීමයි. මේ අනුව බුද්ධ කෘතිය යනු බුදු දහම තුළින් ලබාදිය හැකි සමාජ විප්ලවීයත්වය  හෙළිදරව් කරන්නක් බව පෙනී යයි. බුදු දහම සම්බන්ධයෙන් සිදු කෙරෙහි ඇති වැරදි අර්ථ නිරූපණ නිවැරදි කිරීමට ද ඉවහල් වන මෙම කෘතිය මූලික වශයෙන් ප්‍රධාන තේමා දෙකක් යටතේ ගොඩනැගී ඇත. එක් තේමාවක් නම් සමාජ දේශපාලනික සහ ප්‍රගතිශීලී අංශ ඔස්සේ බුදුන්ගේ පණිවිඩය විග්‍රහ කිරීමයි. දෙවැනි තේමාව වන්නේ පාලි ආගමික ග්‍රන්ථයන් අපගේ ජීවිතය කෙරෙහි කෙසේ යොදා යොදාගැනීමට හැකි ද යන්න යොදාගැනීමට හැකි ද යන්න විමර්ශනය කිරීමයි.

බුදුන්ගේ දර්ශනය මෙලොවින් එපිට වූ හෝ හුදු ලෝකෝත්තර දර්ශනයක් නොවන බව පසක් කිරීම සඳහා මුලින් ම ශාස්ත්‍රීය මැදිහත්වීමක් සිදුකළ ශාස්ත්‍රඥයකු ලෙස මහාචාර්ය  ට්‍රෙවෝ ලිං හඳුනාගැනීමට හැකිය. ට්‍රෙවෝ ලිං මෙම කෘතිය තුල දී මතු කර දක්වන්නෙ මනුෂ්‍ය ජීවිතය වඩා යහපත් කිරීම සඳහා බුදු දහම කොතෙක් සාර්ථක ලෙස භාවිතා කිරීමට හැකි ද යන්න වන අතර බුදුන්ගේ පණිවිඩය හුදෙක් ආත්මාර්ථ සාධනයක් නොවන බවත් එය තුළ නව ශිෂ්ටාචාරයක් බිහි කිරීම සඳහා අවශ්‍ය දාර්ශනික පණිවිඩය ඇති බවත් පෙන්වා දීමට ඔහු සමත් විය. මෙම නව අර්ථ නිරූපණය ලෝකයේ බොහෝ සමාජ ක්‍රියාකාරීන් කෙරෙහි ද පසුගිය දශක කිහිපය තුළ දී බලපා ඇති අතර ඔවුන්ගේ මනැස් සකස් කිරීම කෙරෙහි බලපෑවේය.

බුදු දහමේ එන විපස්සනා භාවනා සම්ප්‍රදාය  පිළිබඳ විශේෂ විශ්ලේෂණයක් මෙම කෘතියේ අන්තර්ගත වන අතර සංඝ නැමැති සමාජ සංස්ථාව පිළිබඳ කෙරෙන ඇගයීම බෞද්ධ ශිෂ්ටාචාරය සම්බන්ධ අධ්‍යයනයේ දී ඉතා වැදගත් වන්නකි.

මෙහි දී ට්‍රෙවෝ ලිං බුදුන් පිළිබඳ ස්ථාපිත කරනු ලබන මතය එක්තරා රැඩිකල් ස්වභාවයක් ගන්නා අතර ඔහු පෙන්වා දෙන්නේ බුදුන් යනු ආගමික ප්‍රතිසංස්කරණ වාදියෙකු නොව ආගමෙහි  විරුද්ධවාදියෙකු සහ විවේචකයකු  බවයි. ඔහු ආගම පිළිබඳ නූතන අර්ථය බුදුන්ගේ ධරමාන කාලය දක්වා ප්‍රක්ෂේපණය කරනු ලබන අතර නව සමාජ ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා ඊට කළ හැකි දායකත්වය ප්‍රතගවේෂණය කරයි. ඉන්ද්‍රජාලික අභිචාරයන් වෙනුවට මිනිස් ස්වච්ඡන්දතාවේ ඇති බලය පෙරමුණට ගෙන එහෙමට බුදුන් ගත් ගත් ඓතිහාසික වෑයම මෙම කෘතිය තුළ මනා ලෙස විශද වේ. එ බැවින් ස්වාර්ථවාදය බැහැර කෙරෙන සමාජ සංස්ථාවක් බිහි කිරීම සඳහා බුදුන්ගේ දර්ශනය කොතරම් වැදගත් වන්නේ ද යන්න එදාටත් වඩා අද ප්‍රත්‍යක්ෂ වෙයි.

ආගම සහ දර්ශනය පිළිබඳ සිය කුඩා කළ සිටම තිබූ කුහුල මනා ලෙස සිය භාෂා හැකියාව ද සමග සමඟ ගළපමින් නයෝමා ද සිල්වා කර ඇති මෙම පරිවර්තනය තුළින් මෙරට ප්‍රජාව වෙත අත් වන්නේ විපුල ප්‍රයෝජනයක් බව කිව යුතුය. බොහෝ ප්‍රකාශකයන් අත ගැසීමට අකමැති ශාස්ත්‍රීය ග්‍රන්ථ ප්‍රකාශනය කෙරෙහි කඩුල්ල ප්‍රකාශකයන් දක්වා ඇති එඩිතර බව ද ඇගයිය යුතුය.

දර්ශන අශෝක කුමාර
2021 පෙබරවාරි 21
ලංකා පත්‍රය Rose අතිරේකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More