දේශීය පුවත්

සමෘද්ධි හා දිවිනැගුම පනතට අනුව ශ්‍රී ලංකා මහ බංකුවට සමෘද්ධි බැංකුව පවරා ගත නොහැකි යැයි සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල ක්ෂේත්‍ර නිලධාරින්ගේ සංගමයේ සභාපති එන්.ඒ.අයි.එම්.බී.අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

සමෘද්ධි බැංකු පවරා ගැනීමට යම් අයුරකින් ආණ්ඩුව කටයුතු කරන්නේ නම් අගමැති සහ විධායක ජනපති ගෙදර යැවීමට ලක්ෂ තිස්පහක සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ ජනතාව සූදානම් යැයි අද (09) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.

වර්ෂ 1988 අංක 30 දරණ බැංකු විධිවිධාන හා 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර විධිවිධාන පනතට අනුව බැංකු හා බැංකු කටයුතු සම්බන්ධයෙන් දිවිනැගුම ප්‍රජාමූල බැංකුව අදාළ නොවන බව කී එම සංගමයේ සභාපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“පවතින නීතිය අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්තා මුත්තා වළෙන් නැගිටලා ආවත් මහ බැංකුව පවරා ගැනීමට කිසිදු බලයක් නැහැ. ඔහු පාලනය කළ කාලය තුළදී තමයි සම්පූර්ණයෙන්ම මහ බැංකුවේ බැදුම්කර වංචාව සිදුවුණේ. වෙහෙර ගිලපු එකාට අග්ගලයක් වැනි සමෘද්ධිය කජ්ජක් නොවෙයි. සමෘද්ධිය සතුව රුපියල් බිලියන 200කට ආසන්න වත්කමක් තිබෙනවා. නමුත් ඒ රජයේ මුදල් නොවෙයි. මම අගමැතිවරයාට අභියෝග කරනවා, පුළුවන් නම් ආණ්ඩුවේ මුදල් සමෘද්ධි බැංකු තුළ පවතින බව ඔප්පු කර පෙන්වන්න කියලා. ලක්ෂ 35ක පමණ ගනුදෙනුකරුවන්ට ලබා දුන් ණය පොළියෙන් තමයි සමෘද්ධි බැංකුව මෙතරම් වත්කම් ප්‍රමාණයක් උපයා තිබෙන්නේ.

ආණ්ඩුවට අද ආණ්ඩුව ඇදගෙන යන්න සල්ලි නැති නිසා සමෘද්ධි ව්‍යාපාරයේ මුදල් ලබා ගැනීමටයි ඔවුන් උත්සහ කරන්නේ. මේ තිබෙන්නේ අහිංසක ජනතාවගේ සල්ලි. ආණ්ඩුවෙන් ශතයක්වත් බැංකුවල තැම්පත් කර නැහැ. ඒ නිසා ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ, පොදු ජනතාගේ මුදල් කොල්ල කන්න.සමෘද්ධි බැංකුව අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ පාලනය වෙන්නේ. එම මණ්ඩලය තුළ මුදල් අමාත්‍යංශයේ අනු නියෝජිතයෙකු පත් කර තිබෙනවා. සමෘද්ධි බැංකුවේ විනිවිද භාවයක් නොමැති යැයි කාටවත් කියන්න බැහැ. සමෘද්ධි මුදල් කටයුතුවලදී සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා, මුදල් විෂයභාර නියෝජිතයාගේ අනු නියෝජිතයෙකු, දෙපාර්තමේන්තුවේ බැංකු කටයුතු භාර අධ්‍යක්ෂවරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වෙනුවෙන් පත් කළ අනු නියෝජිතයා, අමාත්‍යංශ ලේකම් හෝ ඔහුගේ අනු නියෝජිතයෙකු ඇතුළු පිරිසක් බැංකු කළමණාකරණ මණ්ඩලයේ ඉන්නවා. මේ සියලු ගනුදෙනු සිදුවෙන්නේ ඉතාම විනිවිදභාවයෙන් යුක්තවයි.

ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා කැපවූ වෘත්තීය සම්ගම් විශාල ප්‍රමාණයක් ආණ්ඩුවේ තීරණය හමුවේ නිහඬව ඉන්නවා. නමුත් මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා, ආණ්ඩුව ගන්නා ජනතා අහිතකර තීරණයට එරෙහිවන ලෙස. යම් අයුරකින් සමෘද්ධි ව්‍යාපාරයේ මුදල් කොල්ල කන්න උත්සහ කරන්නේ නම් ඒ මේ ආණ්ඩුවේ අවසානයයි. ලක්ෂ 35ක සමෘද්ධි ගනුදෙනුකරුවන් මෙන්ම 23 000ක් වන නිලධාරීන් හා එක්ව ආණ්ඩුව ගෙදර යැවීමේ කාර්යය කඩිනමින් ආරම්භ කරනනවා.”

එම සංගමයේ ලේකම් බී.එම්.ඒ.බස්නායක, භාණ්ඩාගාරික ආර්.ඩී.කේ.සේනාධීර යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්විය.

නදීක දයා බණ්ඩාර – මහනුවර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More