දේශීය පුවත්

“ධම්මික පැණිය” නමින්ප්‍රචළිත වූ දේශීය ඖෂධය නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාට කොවිඩ් – 19 මර්ධන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් එම දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වීම පිළිබඳව ඔහු දිවයින පුඅවතපතට මෙසේ අදහස් පළකර තිබේ.

එය සම්පූර්ණයෙන්ම වැරදි ප‍්‍රවෘත්තියක්. මම විද ගත්ත එන්නතක් නෑ. එය මට කෙණෙහිලිකම් කරන අයගේ මඩ ගැසීමක් බව කියන්න කැමැතියි. මගේ රූපය ගෙන තවත් කොටසකට බද්ධ කරලා මට බෙහෙත විදින බවට පෙන්නන ඡායාරූපය හදලා.

මෙය දෙස හොඳින් බලන අයකුට පෙනෙනවා බද්ධ කර සාදා තිබෙන ඡායාරූපයක් බව. මම බෙහෙත් හදන්න පටන් ගත් දවසේ සිටම මට එරෙහිව ඔය මඩ ප‍්‍රචාර ගෙනියනවා. මා ඒ ගැන ඉතාමත් කනගාටු වෙනවා.

මෙම බෙහෙත් නිෂ්පාදනය දිගටම කරගෙන යනවා. මේක නවත්වන්න ඔය කාටවත් බැහැ. දිනපතා විශාල පිරිසක් බෙහෙත ගැනීමට නිවසට පැමිණෙනවා.

මේ විකෘති කළ ඡායාරූපය සම්බන්ධව නීති මගින් කටයුතූ කරන්න පුළුවන් ද කියා මම සොයා බලනවා යැයි ද හෙතෙම පැවසීය. තව ද ඔය ඵන්නත ගැන තමාට විශ්වාසයක් නැතැයි ද ඔහු අවසන් වශයෙන් පැවසුවාය.
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More