ගොවියා වල පල්ලට ගියත් සහල් මිළ රුපියල් සියයට අඩුවෙන් තැබිය යුතු බවත් ඕනෑවට වඩා කටයුතු කිරීමට උත්සහා කළහොත් ඉන්දියාවෙන් පොන්නි සම්බා රුපියල් 85ට ආනයනය කර සහල් මාෆියාව නැති කරන බවටත් අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ අදහස් විමසා සිටියා.
එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ” බන්දුල ගුණවර්ධන ඇමති තුමා සම්බන්ධයෙන් අපි ඉතාම ආඩම්බර වෙනවා. හේතුව එතුමා තමයි වත්මන් ඇමති මණ්ඩලය තුළ සිටින එකම ලැජ්ජා බය නැති ඇමතිවරයා. එතුමාගේ සීනි ගැසට්, පොල් ගැසට්,බී ළුෑනු ගැසට් සහල් ගැසට් ආදි වශයෙන් වන ගැසට් සියල්ලම මේ වන විට ඉතිහාසයේ කුණු ගොඩට එකතු වෙලා තියෙන්නේ. මිළ තීරණය කරන්නේ වෙලෙන්දෝ. බන්දුල ඇමති තුමා හිතනවා ගැසට් ගහලා බරපතල ආර්ථික සහ වෙළෙඳ පොළ ගැටළු විසඳන්න පුළුවන් කියල.එතුමා සහල් මාෆියාවේ බලය බිඳිනවා කියලා කරන්නේ ගොවියාගේ බෙල්ල හිර කරන එක. ගොවියාට කිසිලෙසකින් රුපියල් පනහට වැඩියෙන් රුපියලක්වත් ගෙවන්නේ නැහැ කියනවා. ඒ මිළට වී විකුණු විට අක්කර දෙක හමාරකින් ලැබෙන ආදායම බෙදල බැලුවහම ගොවියට දිනකට ලැබෙන්නේ රුපියල් 600.00යි.නමුත් වතු කම්කරුවෙකුට දිනකට රුපියල් 1000ක් දෙන්න කියල අරගල කරණ අය මේ සම්බන්ධයෙන් වචනයක්වත් කියන්නේ නැහැ.මේ වේලාවේ ගොවියාට වී කිලෝ එකකට රුපියල් 60ක් ගෙවල හාල් කිලෝ එක රුපියල් 105 ට 110 ට මේ රටේ මිනිස්සුන්ට කන්න බැරිනම් නුදුරු අනාගතයේදීම මේ රටේ මිනිස්සුන්ට කන්න වෙන්නේ පස්.” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...