බ්‍රිතානයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු 1998 වර්ෂයේදී තමා ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුර මුහුණ දීමට සිදුවූ හාස්‍යජනක සිදුවීම් රැසක් සිහිපත් කර ඇත. එක්සත් රාජධානියේ එක්ස්ප්‍රස් (Express) පුවත්පත අතීතය සිහිපත් කරමින් පළකර ඇති වාර්තාවකට අනුව චාල්ස් කුමරු එම සංචාරයේ නිරතව ඇත්තේ ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 50 ක් සපිරීම හේතුවෙන් සංවිධානය කළ උත්සවයකට සහභාගීවීම සඳහා ලද නිළ ආරාධනයකට අනුවය.
කෙසේ වෙතත් එවකට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය උච්චතම අවස්ථාවේ පැවැති අතර චාල්ස් කුමරුගේ ආරක්ෂක උපදේශකයන් මෙම සංචාරයෙන් වළකින ලෙස කුමරුට උපදෙස් ලබාදී ද ඇත. කෙසේ වෙතත් එම උපදෙස්වලට කන් නොදෙමින් මෙරටට පැමිණි චාල්ස් කුමරු රටට ඇතුළු වන තැන සිටම ඔහුට සිනහව වළකා ගැනීමට නොහැකිව ඇතැයි එක්ස්ප්‍රස් වාර්තාවේ දැක්වේ.

කුමරු රටට ගොඩබසින ලද අවස්ථාවේ හමුදාව විසින් උත්තමාචාර ලෙස කාලතුවක්කු වෙඩි මුර තබා ඇති අතර එහිදී විසිවුණු ගිනි පුපුරු හේතුවෙන් ගුවන් තොටුපොළේ ගුවන් පථය ආසන්නයේ තණබිස්සට ගිනි ඇවිළී තිබේ. එම ගින්න නිවීමට ගිනි නිවන රථ පැමිණෙමින් තිබියදී සංවිධානය කර තිබූ තවත් හමුදා පෙළපාළියකට ආචාර දක්වමින් කුමරු ගමන් කර ඇත. එහිදී කොහේදෝ සිට පැමිණි අයාලේ යන සුනඛයෙක් කුමරුගේ ආචාර දැක්වීමේ ගමනට එක්වී ඇති අතර එම ගමන අවසන් කරන තුරු සුනඛයා කුමරු අසලින් ඉවත් වී නැත. එම අවස්ථාවේ මෙරට හමුදා තූර්ය වාදක කණ්ඩායම ලිබර්ටි බෙල් (Liberty Bell) නමැති සංගීත ඛණ්ඩය වාදනය කර ඇත්තේ වරද්ද වරද්දාය. තමා මෙම සියලු ජවනිකා “මුව අයාගෙන” නරඹමින් සිටි බව කුමරු ප්‍රකාශ කර ඇත.

මෙම සංචාරයේදී කුමරු දළදා මාලිගාවේ සංචාරයක නිරත වීමටද නියමිතව තිබූ නමුත් එම සතියේදීම එල්ටීටීඊ ත්‍රස්තයන් විසින් ඊට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබිණි. එම නිසා එම පූජනීය ස්ථානයේ සිදුකරන සංචාරය වෙනුවට සංවිධායකයන් විසින් මෙරට පිහිටි මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් නමැති පිරිමි යට ඇඳුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් නැරඹීමට කුමරුව රැගෙන ගොස් තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...