දේශීය පුවත්

මඩකලපුව නගරයේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කැකුළු, නාඩු සහ සම්බා සහල්වල මිල රුපියල් 100ට වඩා ඉදිරි වසර තුන තුළ වැඩිවීමට ඉඩ නොතබන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාඅවධාරණය කර සිටී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ගොවියාට වඩා සාධාරණයක් සැලසෙන මිලක් සහතික මිල ලෙස ලබා දී ඇති බවත් තෙත වී කිලෝවක් රු 44කටත් සාමාන්‍ය නාඩු කිලෝවක් රු 50ක් හා සම්බා කිලෝවක් සඳහා රු 52ක් ලෙස නිශ්චිත මිලක් නියම කර ඇති බවත්ය., එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ එම මිලට වඩා වැඩියෙන් කවුරුන් හෝ සහල් මාෆියාවක් සෑදීම සඳහා මිල දී ගත්තොත් ඒ අයට රු 100කට වඩා වැඩි මිලකට අලෙවි කිරීමට කිසිවිටෙකත් ඉඩක් නොදෙන බවයි.

එහිදී මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා,

“දැන දැනම තමුන් වැඩි මිලකට වී මිලදී ගන්නවා නම් ඔහු ඒ පාඩුව විඳගෙන ගොවියාට යහපතක් සලස්වා දීම සඳහා පුණ්‍ය කටයුත්තක් ලෙස එය කරනවා කියා අපි හිතනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය ලබන සතියේ සිට වැඩි මිලට සහල් අලෙවි කරන සියලු වෙළෙඳසැල් වටලලා නඩු පැවරීමේ ක්‍රියාවලිය සිද්ද කරනවා. අපිට පුළුවන් මේ සියල්ල විනාශ කරලා දාන්න. අපිට පුළුවන් ඉන්දියාවෙන් පොන්නි සම්බා රු 85කට මුළු ලංකාව ම පිරෙන්න හාල් පුරවන්න. එහෙම වුණාම ගොවියන්ට තමන්ගේ නිෂ්පාදනය විකුණ ගන්න බැරිවෙනවා. එතකොට මෝල් හිමියන්ටත් ප්‍රශ්නයක් ඇති වෙනවා. පසුගිය රජය සමයේ දිගටම අනුගමනය කළ ප්‍රතිපත්තිය තමයි අස්වැන්න කැපෙන කාලයටත් හාල් පිට රටින් ගෙනල්ලා තොග වශයෙන් ගෙනල්ලා වෙළෙඳපොළට අතඇරිය එක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More