“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා” කොවිඩ් මර්දන එන්නත තවමත් ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය ලබා ගැනීම සඳහා ලබන සතියේ තවත් දින 3ක් ලබා දී තිබේ.
ඒ අනුව, පෙබරවාරි 23 සිට 25 දක්වා කාලය තුළ කොළඹ නාරහෙන්පිට පිහිටි යුධ හමුදා රෝහලේදී පෙරවරු 8.30 සිට මධ්‍යහන 12.00 දක්වා මන්ත්‍රීවරුන්ට එම එන්නත ස්වේච්ඡාවෙන් ලබා ගත හැකි වනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් දෙනා එළඹෙන සතියේ කොළඹට පැමිණ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට නියමිත බැවින් මෙලෙස කොවිඩ් -19 එන්නත එම දිනවල ඔවුන් වෙත ලබා දීමට තීරණය කොට තිබේ.
(අරුණ පුවත්)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...