පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශණ වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර ඇත.
විමර්ශණ වාර්තා කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් එම කමිටුව පත්කර තිබේ.
කමිටුවේ සභාපති ධූරයට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නම්කර ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු සෙසු සාමාජිකයන් ලෙස නම්කර ඇත.
ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ජනාධිපති කාර්යාලය විසින් කමිටුවට යොමු කරනු ලැබේ.
මේ අතර කමිටුවේ කාර්යයන් සඳහා පහසුකම් සැලසීම ඇතුළු සෙසු කටයුතු මෙහෙයවීම සඳහා කමිටුවේ ලේකම් ධූරයට ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්තා රෝහණධීර මහතා පත්කර ඇත.
එම කමිටු වාර්තාව 2021 මාර්තු 15 දිනට පෙර ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දී තිබේ.
(අරුණ පුවත්)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...