දේශීය පුවත්

තමන් වහන්සේ කැලෑව එළි පෙහෙළි කරන බව රටේ ප්‍රධාන පුරවැසියකු ලෙස ආරක්ෂක ලේකම්වරයා කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවත් ශාසන විරෝධී, ජාති විරෝධී කටයුතු නොකර ශාසනය ආරක්ෂ කිරීම වරදක් නම් සිවුරු හැරදමා එල්ලුම් ගසට වුවත් යෑමට තමා සූදානම් බවත්; උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක හිමියෝ පවසති.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමක් කැලෑ එළි කරන බවට දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවැති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න කරන ලද ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් මේ බව පැවසූ උන්වහන්සේ තමන් කැලෑ කපා ඇත්නම් ඒ පිළිබඳව ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසද රජයෙන් ඉල්ලා සිටිති.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

ත්‍රිකුණාමලේ ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාට කුටියක් ඉදිකළත් එම කටයුතු සිදු කරනු ලබන්නේ පරිසරය ආරක්ෂා වන පරිදියි. උපසම්පදා භික්ෂුවකට ගසකින් කොළයක් වත් කඩන්න අවසරයක් නොමැති ශාසනය තුළ ආරක්ෂක ලේකම්වරයා මෙවැනි චෝදනාවක් කරන්නේ කුමන පදනමක් තුළද, කාගේ අවශ්‍යතාවයකටද යන්න ගැටලුවක්.

මම ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. අපි අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ කටයුතු කරනු ලබන්නේ යම් වගකීමක් ඇතිවයි. උතුරු නැගෙනහිර පළාතේම විනාශවී යන පුරාවිද්‍යා නටඹුන් අන්තවාදී කල්ලිවලින් ආරක්ෂා කර ගැනීමට අපි විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එය භික්ෂූන් වහන්සේලා ලෙස යුතුකමක්.

ආරක්ෂක ලේකම් කියන්නේ රටේ වගකීමක් දරන ප්‍රධාන පුරවැසියෙක්. එතුමා මාධ්‍යයක් හරහා සොයා බැලීමකින් තොරව මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම කනගාටුවට කාරණයක්. එතුමා මේ සිදුකර තිබෙන්නේ සම්පූර්ණ අසත්‍යයක්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බොහෝ කැලෑ ප්‍රදේශ ආරක්ෂා වෙලා තියෙන්නේ අසිරිමලේ ආරණ්‍ය සේනාසනය නිසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More