දේශීය පුවත්

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී 2019 අප්‍රේල් 21 වැනි දා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවකු සමඟ සබඳතා පැවැත්වීයැයි චෝදනා කර අත්අඩංගුවට ගත් නීතීඥ හිජාස් හිස්බුල්ලා සහ ඔහුට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් මොහොමඩ් ශකීල් මාර්තු මස තුන් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ (18) දින නියෝග කර තිබූ බවට වාර්තා විය.

මාස 10ක පමණ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා සහ ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් ශකීල් නම් විදුහල්පතිවරයා ද ඊයේ සවස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ නීතිපතිවරයාගේ උපදෙස් අනුවයි.

සැකකාර හිස්බුල්ලා සහ ශකීල් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා දැනුම් දුන්නේ ඔවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතේ 2 (1) (එච්) සහ සිවිල් සහ දේශපාළන අයිතීන් පිළිබඳ සම්මුති පණතේ 3 (1) යටතේ (අයි.සී.සී.පී.ආර්.) [International Covenant on Civil & Political Rights (I.C.C.P.R.)]වන චෝදනා ගොණුකර අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

මෙහිදී හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් පවසා ඇත්තේ, අදාළ පාසලේ සිසුන් 58ක් සිට ඇති නමුත් හිජාස් හිස්බුල්ලා මෙම මද්‍රසා පාසලට ගිය බව සඳහන් කර ඇත්තේ එක් සිසුවෙකු පමණක් බැවින් එක් ප්‍රකාශයක් මත පමණක් චෝදනා ගොණුකර ඇති බවයි. එසේම එය අත්අඩංගුවට ගැනීමේදී සඳහන් කළ හේතුව නොවන බවද මෙම නීතිඥවරයා කරුණු පෙන්වාදී ඇත.

“මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා 2015 වසරේ පෙබරවාරි 28, අප්‍රේල් 11, ඔක්තෝබර 17, දෙසැම්බර් 02, 2016 වසරේ මැයි හතර වැනි දා සහ 2019 ජනවාරි 15 වැනි දා හිජාස් හිස්බුල්ලා එහි ගොස් ඇති බව. ඒම් දින අතරේ මේ සාක්කිකරු කියන 2018 අගෝස්තු මාසයේ දිනය සඳහන් වන්නේ නෑ. 2018 අගෝස්තු මාසෙ ගියා කියලා සිසුවා කියන ප්‍රකාශය සහ සී.අයි.ඩී.ය කලින් ඉදිරිපත් කළ වාර්තා පරස්පරයි. තියන එකම සාක්ෂියත් පරස්පරයි. මේ නිසා හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් කිසිම සාධාරණ සැකයක් මතුවෙන්නේ නෑ. ඒ නිසා ඔහු රිමාන්ඩ් කරන්න බෑ. ඒ වගේම අයි.සී.සී.පී.ආර්. පණතේ අදාල වගන්තිය දමනවා නම් සැකකරු දණ්ඩ නීති සංග්‍රහයේ 115 යටතේ ඉදිරිපත් කළ යුතුයි. නමුත් ඒ යටතේ නෙමෙයි ඉදිරිපත් කරල තියෙන්නේ. ඒ නිසා අයි.සී.සී.පී.ආර්. පණත යටතේ රිමාන්ඩ් කරන්නත් බෑ. රහස් පොලීසිය විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන්ට අවශ්‍ය කරන කිහිප දෙනකුගේ ප්‍රකාශවලින් කොටසක් පමණක් අරගෙනයි චෝදනා ගොණුකර තියෙන්නේ. මේ නිසා සැකකරු රිමාන්ඩ් කරන්න බලයක් නෑ. ඔහු මුදාහැරිය යුතුයි. ”

දෙපාර්ශවයේම කරුණු දැක්වීම්වලින් පසු සැකකරුවන් මාර්තු 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හිස්බුල්ලා සම්බන්ධයෙන් සටහන් කර ගත් සියලුම ප්‍රකාශවල සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
පෙර සබැඳි පුවත්
https://www.lankaleadnews.com/?p=89759 හිජාස් හිස්බුල්ලා තව දුරටත් රිමාන්ඩ් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාත් ඒ අතර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More