අද (19) කොළඹ දී මාධ්‍යවේදීයෙකු විසින් “ඔබ තුමාට ආණ්ඩුවේ ඉන්න පුළුවන් වෙයි ද ? ” යනුවෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා සිටියේ තමා කිසිවිටෙකත් ආණ්ඩුව හැර දමා නොයන නමුත් ආණ්ඩුව තමා අත්හැර යයි ද පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකි බවයි.
කෙසේ වුවද කිසිවෙකු කලබලයට පත්ව නිගමනයන්ට එළඹිය යුතු නැතැයි ආවධාරණය කළ අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩුව නිරෝගීව ඉදිරියට ගෙන යෑම තම ඒකායන බලාපොරොත්තුව බව ද අවධාරණය කළේය.
ඒ සඳහා ඇති ව තිබෙන යම් යම් ගැටලු සහගත තත්ත්වයන් තුරන් කර ගනිමින් ජනවරමේ අපේක්ෂාවන් ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව ද විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා සිටියේය.
එහිදී මාධ්‍යයවේදියෙකු ඔබ තුමාට පහරදෙන්නේ පසුපෙළ මන්ත්‍රීවරු නේද යැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින් පවසා සිටියේ තමා එම මන්ත්‍රීවරුන්ට දොස් පවරන්නේ නැති බවත් එම මන්ත්‍රීවරුන්ට කවුරු හරි එම කොන්ත්‍රාත්තුව පවරනවා විය හැකි බවත්ය.
ඒ අනුව එම කොන්ත්‍රාත්තුව පවරන අය විසින් එම මන්ත්‍රීවරු අසරණ කර ඇතැයි ද ජාතික සම්පත් විකිනීමට එරෙහි වීම මෙම ප්‍රහාරයට ලක්වීමට බොහෝ විට හේතු විය හැකි බව ද අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...