දේශීය පුවත්

රාජ්‍ය සමාගමක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය කිරීමට ඉන්දියාව එකඟත්වය පළකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන අතර එහි ශ්‍රී ලංකා රජයට බහුතර අයිතිය හිමිවන පරිදි ලංකා අයි.ඕ.සී සමාගමට ද කොටස් හිමිවන බව ඔහු සඳහන් කරනවා.

තවද යාපනයේ දූපත් කිහිපයක් චීන සමාගමකට ලබාදුන් බවට එල්ලවන චෝදනාවලටද අමාත්‍යවරයා ඊයේ (18) දින පැවති මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබාදී ඇත.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

“2003දී එ.ජා.පය මේ තෙල් ටැංකි වසර 35කට බදු දුන්නා. විස්තරාත්මක බදු ගිවිසුමක් අත්සන් කරලා නැහැ. අපි ඉන්දියාව සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ ටැංකි කළමනාකරණයට බහුතර කොටස් අපට හිමිවන ආකාරයට ඉතිරිය ලංකා ඓOC සමාගමට හිමිවන නව සමාගමකට යෑමට අදහස් කරනවා. අදාළ කැබිනට් පත්‍රිකාවට පෙර ජනතාව දැනුවත් කරලා ජනතා අදහස් අනුව කටයුතු අවසන් කරනවා.”

“යාපනයේ දූපතක පුනර්ජනනීය ව්‍යාපෘතියක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ටෙන්ඩර් කැඳවූවා. ලංසුව අනුව ටෙන්ඩරය හිමිවුණේ චීන සමාගමකට. එය සිදුවූයේ ඉතාමත් නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවළියක් යටතේ.”



One thought on “රාජ්‍ය සමාගමක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය කිරීමට ඉන්දියාව එකඟත්වය පළකරා – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල”

  1. Our Politicians, to get the credit, fires the gun before loaded and now behaves like buffoons as India declines the position. This Gentlemen should have encourage our citizen to file action in the Supreme Court to get back the Terminal, as the contract was apprenty not ratified by the Parliament. The simple question is India allow us to lease their strategic properties to Sri Lanka, the same way. It is disgraceful. We should also punish the Politicians behind this deal by stripping civic rights with sentence of Jail, nullifying the contract or agreement

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More