දේශීය පුවත්

2015 වසරේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අණවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටුකරදීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග, බිරිඳගේ ඥාති සොයුරකු වන නරේෂ් ෆාරික් නමැති ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 02 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඊයේ (18) දින නියෝග නිකුත් කර ඇත.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ විනිසුරුවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් විත්තියේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිය වෙනුවෙන් තමන් එක් සාක්ෂිකරුවකු කැඳවීමට අපේක්ෂා කරන බවයි. ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාම විත්තිකූඩුවේ සිට සිය විත්ති වාචක ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද විත්තියේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙම නඩුව දෙසැම්බර් මස 11 වැනිදා විභාගයට කැඳවීමට නියමිතව තිබුණත් කොළඹ මහාධිකරණ කලාපයේ ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් නඩු විභාගය කල් දැමීමට සිදු වූ බව විනිසුරු මංජුල තිලකරත්න විවෘත අධිකරණයේදී සඳහන් කළේය.

මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු ලෙස නම්කර සිටින නරේෂ ෆාරික් නමැත්තා මේ වනවිට අධිකරණය මගහැර විදේශයකට පලාගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටද අධිකරණය තීරණය කර තිබේ.

(අරුණ පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More